ශ‍්‍රී ලංකාව: පොලීසියට වධහිංසාවට එරෙහි නීතිය උගන්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විධාන කරයි

 ආසියානු මානව හිමිකම් කොමිසම – හදිසි අභියාචනා වැඩසටහන

ලංකාවේ  මූලික අයිතිවාසිකම් පිළිබද නඩුවක් විභාග කර එහි තීන්දුව දුන් ශ්‍රේෂ්ඨාධිකරනයේ ත‍්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය ලංකාවේ බලධාරීන්ට පහත සදහන් නියෝගයද කරන ලදී.

 ‘මෙම අධිකරණය ඉදිරියේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් නඩු ප‍්‍රමාණය අනුව පොලිස් ප‍්‍රචණ්ඩත්වය, අත්තඩංගුවේදී  වදහිංසා පැමිණවීම හා මරණ හෙළිදරව් වී ඇත. මෙයින් පෙනී යන්නේ රජය මෙම ප‍්‍රශ්ණය විසිදීම සදහා හෝ එය අඩු කිරීම සදහා පියවර ගත යුතු බවය.

ප‍්‍රඥප්තියේ 10 වන වගන්තියට අනුව අත්අඩංගුවට ගන්නා හෝ රඳවා ගන්නා හෝ හිරබාරයේ පසුවන ඔිනෑම පුද්ගලයන් පිිළිබදව ක‍්‍රියාකාරී වන සියලුම නීතිය ක‍්‍රියාත්මක කිරීමේ නිළධාරීන්ට, සිවිල් හා මිලිටරි, වෛද්‍ය වෘතියේ යෙදෙන්නන්, සිවිල් සේවකයන් හා වෙනත් පුද්ගලයන්ට, වධහිංසාවට විරුද්ධව පවතින නීතිය පිළිබදව අධ්‍යාපනයක් ලබා දීම හා තොරතුරු සැපයීම රජයක් විසින් කල යුතුය.’’  (SC FR APPLICATION 296/2014)

 

වධහිංසා පැමිණ වීම අමානුෂික ක‍්‍රියාවකි. එමෙන්ම කෲර ක‍්‍රියාවකි. එය ලංකාෙව් ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වන අතරම, ලංකාවේ  නීතියද උල්ලංඝණය කිරීමකි.

ලංකාවේ  නීතිය කි‍්‍රයාත්මක කිරීමට යොදවන නිළධාරීන් ලංකාවේ නීතිය පිළිබදව අවබෝධයකින් තොරව සිටින්නේ නම්, ඔවුන්ට නීතිය ක‍්‍රියාත්මක කරවීමේ හැකියාවක් නැත. මේ අනුව ලංකාෙව් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම කරුණ පිළිබදව විධානයක් නිකුත් කරමින් මැදිහත් වීම ඉතාම කාලීන කටයුත්තක් වන අතරම අත්‍යාවශ්‍ය කටයුත්තකි. අප ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ සතු සියලු බලය යොදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා ඇති විධානය පොලිස් හා මිලිටරි අධ්‍යාපනය මෙන්ම, වෙනත් රාජ්‍ය නිළධාරීන්ගේ අධ්‍යාපනය සම්බන්දයෙන් ක‍්‍රියාත්මක කරවන ලෙසය.

ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය බොහෝ කාලයක් තිස්සේම පොලිස්පතිවරයා ඇතුලු ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිට ඇත්තේ වධහිංසාව නැති කිරීම සදහා අවශ්‍යය පියවර ගන්නා ලෙසය. දැනට බොහෝ ප‍්‍රසිද්ධියට පත් වී ඇති නඩුවක් වන ජෙරාඩ් පෙෙර්රාගේ නඩුෙව්දී ශේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ පොලිස් ස්ථානවල වධහිංසාව සිදුවන්නේ, දැයි අධීක්ෂණය කිරීම සදහා පියවර ගන්නා ලෙසය.

එසේ වූවත් දැනට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මූලික අයිතිවාසිකම් පරීක්ෂණ වලදී නඩු සියයක පමණ ප‍්‍රමාණයක පොලිස් නිළධාරීන් රට වැසියන්ගේ මූලික අයිතිවාසිකමක් වන වධහිංසාවෙන් ආරක්ෂාවී සිටීම උල්ලංඝණය කර ඇති බවට තීන්දුකොට ඇත. වධහිංහසාවෙන් තුරන්ව සටීමේ පරම අයිතිය ලංකාෙව් ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය මගින් ප‍්‍රකාශයට පත් කොට ඇත.

මෙසේ තිබියදී වධහිංසාව තවමත් බරපතල ප‍්‍රශ්ණයක් සේ පවතී. වධහිංසාවට වැඩියෙන්ම ලක්වන්නේ, ලංකාවේ අඩු ආදායමක් ලබන සමාජ ස්ථරයන්ට අයිති පුරවැසියන්ය. මෑතතදී බලවත් දේශපාලඥයින්ට හා වෙනත් සමාජීය වශයෙන් වැදගත් යැයි සලකන අයට විරුද්ධව ඉතා බරපතල චෝදනා පරීක්ෂණයට භාජනය කල නමුත් ඒ කිසිවෙක් තමන්ට වධහිංසා පැමිනුවා යැයි පැමිණිලි කොට නැත. මෙයින් පෙනී යන්නේ විශාල වශයෙන් පැතිරී පවතින වධහිංසාව එසේ පාවිච්චි වන්නේ දුගී පසුබිමක පසුවන, විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් කෙරෙහි බවය. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විවිධ ආයතන වධහිංසාව තුරන් කරන ලෙස ලංකා රජයට උපදෙස් දී ඇත. මේ අතර වධහිංසාව තුරන් කරීමේ එක්සත් ජාතීන්ගේ කොමිටිය :ක්‍්ඔ* වධහිංසාව හා අමානුෂික සැලකිල්ල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ වාර්තාකරු හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, බොහෝ විටක් වධහිංසාව තුරන් කිරීම පිළිබදව ලංකාවට නිර්දේශ නිකුත් කොට ඇත. එක්සත් ජාතින්ගේ මණ්ඩලයේ මානව හිමිකම් කොමිටිය විවිධ අවස්ථාවන් වලදී, ඔවුන් ඉදිරියට පැමිණි ලාංකික පුරවැසියන්ගේ පැමිණිලි සලකා බලා රජයේ නිළධාරීන් අතින් වධහිංසා කිරීම් සිදු කොට ඇති බවට ඔවුන්ගේ මතය ප‍්‍රකාශ කොට ඇත. එය නැති කිරීම සදහා විවිධ නිර්දේශද නිකුත්කොට ඇත.

එහෙත් ප‍්‍රශ්ණය වී පවතින්නේ කිසිදු බළධාරියකු වධහිංසාවට එරෙහිව පවතින රටේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට ඉදිරිපත් නොවීමය. 1994 අංක 22 දරණ පනත මගින් පොලිස් වධහිංසාව අවුරුදු 7 ක අනිවාර්යය දඩුවමකට ලක් කල වරදක් සේ ප‍්‍රකාශයට පත් කොට ඇත.

 මෙවනි වාතාවරණයක් යටතේ ලංකාෙව් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස් නිළිධාරීන්, මිලිටරි නිළධාරීන් හා වෙනත් රජයේ නිළධාරීන් විසින් වධහිංසාව පිළිබදව ලංකාවේ හා ජාත්ත්‍යනතරයේ නීතිය පිළිබදව දැනුවත් කර, ඔවුන්ට එවනි අධ්‍යාපනයක් ලබා දිය යුතු බවට කර ඇති නිර්දේශය අවශ්‍යය නිර්දේශයකි.

 මේ සදහා අවශ්‍ය අත් පොතක් ප‍්‍රකාශයට පත් කල යුතු අතර එහි ලංකාවේ හා ජාත්‍යන්තර නීතියත්, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සම්බන්දව ප‍්‍රකාශයට පත් කොට ඇති නඩු තීන්දුත් අඩංගු කල යුතුව ඇත.

 මෙවැනි අත්පොතක් සකස් කිරීම සදහා ජාතික මානව හිමිකම් කොමිසම විසින් ඉතා ක‍්‍රියාකාරීව සම්බන්ද විය යුතුව ඇත.

එසේ උවත් අපට පෙනී යන්නේ රහසිගතව පොලිස් හා වෙනත් බලධාරීන් අතර පවතින මතය නම් වධහිංසාවෙන් තොරව දුප්පතුන් පිළිබදව අපරාධ පරීක්ෂණ කිරීමට හෝ ඔවුන් මර්ධනය කිරීමට නොහැකි බවය. මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී ඇති විධානය නොතකා හැරීමට ඇති ඉඩ කඩ බොහෝ්ය. එම ඉඩ කඩ නැති කල හැක්කේ මේ පිළිබදව මහජන මතයක් බලවත්ව හා නිරන්තරව ප‍්‍රකාශ කිරීම තුලින් පමණි.

 මේ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ ලංකාවේ සිවිල් සංවිධාන, සියලුම අංශවල බුද්ධිමතුන්, විවිධ මත නිර්මාණය කරන්නන් මෙන්ම මාධ්‍යයද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති මෙම විධානය ක‍්‍රියාත්මක කර ගැනීම සදහා දැඩි උනන්දුවකින් ක‍්‍රියා කල යුතු බවත් ඒ සදහා දිය හැකි සෑම සහයෝගයක්ම අදාල බළධාරීන්ට ලබාදිය යුතු බවත්ය.

 යෝජිත ලිපිය:

 ගරු මහත්මයානෙණි / මැතිනියණි,

 ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2020 ජූනී 16 දින ප‍්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දුව කෙරෙහි ඔබේ අවධානය යොමු කරමි. එම තීන්දුව දානය කරන ලද්දේ කන්දවලගේ දොන් සමන්ත පෙරේරා එදිරිව හෙට්ටිපාළ පොලීසියේ ස්ථානාධිපති හා තවත් වග උත්තර කරුවන් දෙදෙනෙකුට එරෙහිවයි.

‘මෙම අධිකරණය ඉදිරියේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් නඩු ප‍්‍රමාණය අනුව පොලිස් ප‍්‍රචණ්ඩත්වය, අත්තඩංගුවේදී  වදහිංසා පැමිණවීම හා මරණ හෙළිදරව් වී ඇත. මෙයින් පෙනී යන්නේ රජය මෙම ප‍්‍රශ්ණය විසිදීම සදහා හෝ එය අඩු කිරීම සදහා පියවර ගත යුතු බවය.

ප‍්‍රඥප්තියේ 10 වන වගන්තියට අනුව අත්අඩංගුවට ගන්නා හෝ රඳවා ගන්නා හෝ හිරබාරයේ පසුවන ඔිනෑම පුද්ගලයන් පිිළිබදව ක‍්‍රියාකාරී වන සියලුම නීතිය ක‍්‍රියාත්මක කිරීමේ නිළධාරීන්ට, සිවිල් හා මිලිටරි, වෛද්‍ය වෘතියේ යෙදෙන්නන්, සිවිල් සේවකයන් හා වෙනත් පුද්ගලයන්ට, වධහිංසාවට විරුද්ධව පවතින නීතිය පිළිබදව අධ්‍යාපනයක් ලබා දීම හා තොරතුරු සැපයීම රජයක් විසින් කල යුතුය.’’  (SC FR APPLICATION 296/2014)

 

වධහිංසාව පාවිච්චි කිරීම අමානුෂිකය, කෲරය. එය ලංකාවේ නීතියත් ජාත්‍යන්තර නීතියත් උල්ලංඝණය කරයි. ලංකාවේ පොලිස් නිළධාරීන්, මිලිටරි නිළධාරීන් හා වෙනත් නිළධාරීන් ලංකාවේ පවතින මෙම නීතිය නොදන්නවානම්, ඔවුන්ට නීතිය ක‍්‍රියාත්මක කිරීමට ඇති හැකියාව අඩුය. මේ නිසා අප ඉල්ලා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව ප‍්‍රකාරව මෙම නිළිධාරීන්ට වධහිංසාව පිළිබදව අධ්‍යනයක් ලබාදීම හා තොරතුරු ලබා දීම වහාම කල යුතු බවය. එය කල හැක්කේ පුහුණු කරවනු ලබන විෂය මාලාවේ වැදගත් කොටසක් ලෙසට වධහිසාව පිළිබදව නීතිය ඇතුලත් කිරීම මගිනි. මෙය මේ සදහාම අත් පොතක් මගින් සකස් කර කල හැකිය.

එම නිසා ඔබෙන් ඉල්ලා සිටින්නේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කර ඇති ඉහත සදහන් නියෝගය ක‍්‍රියාත්මක කිරීම සදහා, ඔබගේ නිලයට අනුව ඇති සියලු බලතල යොදා ඉක්මනින් ක‍්‍රියාත්මක විය යුතු බවය.

 විශ්වාසි,

 පහත සදහන් අයට ලිපි යවන්න

—————————————————-

  1. Mr. C. D. Wickramaratne

Acting Inspector General of Police

New Secretariat

Colombo 1

SRI LANKA

Fax: +94 11 2 440440 / 327877

E-mail: igp@police.lk

  1. Mr. Nimal Siripala de Silva

Minister of Justice, Human Rights & Legal Reforms

40, Buthgamuwa Road,

Rajagiriya, P.O. Box 1566,

Colombo,

Sri Lanka.

E-mail: info@mncdol.gov.lk

  1. Dr. Deepika Udagama

HRCSL – Head Office,

Number 14,

  1. A. De Mel Mawatha

Colombo 4,

Sri Lanka.

E-mail: sechrcsl@gmail.com

ස්තූතියි.

හදිසි අභියාචනා වැඩසටහන

ආසියානු මානව හිමිකම් කොමිසම (ua@ahrc.asia)