ශ්‍රී ලංකා: තත්කාලීන ලාංකීය සමාජය තුල වදහිසා විරෝධී පනත හා ජීවිතයට ඇති අයිතිය ස්ථානගත කිරීම

1994 දී ලංකාවේනීතිපොතට ඇතුලු වූ වදහිංසා පනත මේවසරේදී අවුරුදු 30ක කාලයක් සනිටුහන් කරයි. මෙතරම් දීර්ඝ කාලයක් ඔස්සේ මේ පනත තුලින්
ලාංකීය සමාජය අත්පත් කරගත් ජයග්‍රහණයක් හෝ සාධාරණ භාවයක් දැක ගත හැකිද?

වහිංසාව වැලැක්වීම නැමති ජාත්‍යන්තර එකගතාවයේ පදනම වූයේ යුක්තිය හා නීතිය ක්‍රියාත්මක කර වීමේදීමුලුමනින්ම බුද්ධිය හා ප්‍රඥාගෝචරත්වය පදනම්
කරගත් අපරාධ පරීක්ෂණ ක්‍රමයක් ඇති කර ගැනීම ස්ථාවර සමාජයක් ඇති කිරීම සදහා අතීෂයින්ම වැදගත් වන්නා වූ සාධකයක් වන බවය. වධහිංසා පනත
සාර්ථකද නැද්ද යන්න සලකා බැලිය යුතු වන්නේ එවනි ස්ථාවර සමාජයක් ලංකාව තුල පවතීද යන්න ගැන සලකා බැලීම තුලිනි. 

අද ලංකාවේපොදුවේපවතින මතය නම් මෙතරම් අස්ථාවර කාලයක් කොයි කලකදීවත් පැවතී නැති බවය. මේපිළිබදව ප්‍රධානම සාධකය නම් රට පුරාම
පැතිර පවතින නිතරම අසන්නට ලැබෙන මිනී මැරුම් හා ඝාතන තර්ජන තුලින් ඇතිකර ඇති භීතියයි. 

මිනී මැරුම් පිළිබදව දිනපතාම ඇසෙන්නට ලැබෙනවා පමණක් නොව විවිධාකර වූ ආකාර වලින් ඝාතන සිදුවීමට ඉඩ දෙන වාතාවරණයක්ද දැකගත හැකිය.
උදාහරණයක් වශයෙන් බෙහෙත් යැයි පෙන්නුම් කරමින් පාටකල වතුර බරපතල ලෙඩ රෝග ඇති රෝගීන්ට එන්තනත් කිරීම දක්වා මෙම ඝාතන සංස්කෘතිය
පළල් වී ඇත.ඉමියුනොග්ලොබින් ෂපපමබදටකදඉමකසබ නැමති ඉතා බලවත් ඖෂධය වෙනුවට පාට කල වතුර එන්ත් කිරීම සම්බන්දයෙන් හෙලිදව් වී
ඇති කරුනු දැන් ප්‍රසිද්ධ නඩුවකට පවා හේතු ගත වී ඇත. 

මේහැර දේශපාලන කරුනු මත වූවත් ව්‍යාපාරික කරුණක් ගැන වූවත් දෂණ හෙළිදරව් කිරීමක් ගැන වූවත් මත්ද්‍රව්‍යය ජාවාරම පිළිබදව විරෝධය
පෑමක් වූවත් හුදෙක්ම ආගමික මතවාදයකට ඇතිවන ගැටීමක් වූවත් බොහෝ විට තුඩු දෙන්නේ ඝාතන තර්ජන වලටය. 

මෙවනි වාතාවරයක් තුල වදහිංසා පනත අර්ථකථනය කල යුතු වන්නේ සුවිශේෂ සමාජයක පවතින ප්‍රචන්ඩත්වය හා හිංසාකාරී බව පිළිබදව ඇති
දැනුවත් කම හා අවබෝධය ඔස්සේය. වධහිංසා පණත දියුණු සමාජයන් තුල යොදා ගනු ලබන්නේ විනයානුකූලව කටයුතු කරන පොලීසියක්,
නීත්‍යානුකූලව අපරාධ පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ පද්ධතියක්, අපක්ෂපාතී වූ නිතිපති ක්‍රමයක් මෙන්ම ස්වාධීනව කටයුතු කිරීමට
ඉඩ ඇති අධිකරණ ක්‍රමයක් පවතිනතාක් දුරටය.
එහෙත් මේකිසිදු කොන්දේසියක් පසුගිය කාලය තුල ලාංකීය සමාජය තුල පවතින්නේ නැත. 

වදහිංසා ඇතිවීම මෙන්ම ඝාතන සංස්කෘතියේ පසුබිමද ඉහත කී ආයතන වල පවතින බරපතල කඩා වැටීම් හා බද්ද වී ඇත. 

මෙම බද්දවීම පිළිබද අවබෝධයෙන් තොරව කොපමණ පැමිණි කලත්, නඩු තීන්දු ලබා ගත්තත් ඒ මගින් සැබෑ සාධාරණයක්වත්, සමාජ ස්ථාවරත්වයක්
ගොඩනගා ගැනීමක්වත් කල නොහැකිය. 

මේනිසා වදහිංසා පනත පිළිබද 30 සංවත්සරය සනිටුහන් කිරීමේදී අවශ්‍ය වන්නේ ලාංකීය සමාජය තුල වධහිංසාව නොකඩවා පැවැත්මටත්, ඝාතන
සංස්කෘතිය පළල් වීමටත් යුක්තිය පසදලවා ගැනීම වඩ වඩා අමාරු කාලයක් වීමටත් හේතු වී ඇති රාජ්‍ය ආයතනික ගැටලුව තෝරා බේරාගෙන,
හදුනාගෙන ඊට පිළියම් සදහා යෝජනා ඉදිරිපත් කිරීමය. 

මේනිසා නීති වෘතිය මෙන්ම යුක්තිය පසදලීමේයෙදෙන සියලුම කාර්යංශ තුලත් සිවිල් සමාජය තුලත් විශේෂයෙන්ම මාධ්‍ය තුලත් පැන නැගිය
යුතු වාතාවරණය වන්නේ මෙම අතිෂයින් වැදගත් සමාජ සාකච්ඡාව ඉස්මතු කොට ගෙන ඉදිරියට ගෙය යෑමය. 

ඉදිරියේදී එනවාය කියන මැතිවරණ කාලය තුල මෙම වදහිංසා හා ඝාතන සංස්කෘතිය පිළිබද ගැටලු වඩ වඩාත් උග්‍ර වනු ඇත. එවනි තත්වයක් යටතේ මෙම
සාකච්ඡාව ඉස්මතු කර ගැනීම වඩ වඩාත් කාලෝචිත වන්නේය.