Sri Lanka: ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ, දුෂණ, අක‍්‍රමිකතා, වංචා, පිළිබඳ සොයා බැලීම සදහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙසට හා හිටපු සහ දැනට සිටින අය නිලතල සඳහා පත් නොකරන ලෙසට කරණු ලබන ඉල්ලීම.

An Open Letter from Janasansadaya to the President,Prime Minister, the Speaker and all Members of the Constitutional Council, Sri Lanka, forwarded by the Asian Human Rights Commission

2015.09.15

1. මෛත‍්‍රීපාල සිරිසේන මහතා

ගරු ජනාධිපති

ජනාධිපති ලේකම් කාර්යාලය

කොළඹ

2. රනිල් වික‍්‍රමසිංහ මහතා

ගරු අග‍්‍රාමාත්‍යය

අරලියගහ මැදුර

කොළඹ 03

3. කරූ ජයසූරිය මහතා

ගරු කථානායක

පාර්ලිමේන්තුව

ශ‍්‍රී ජයවර්ධනපුර

කෝට්ටේ

සහ

ව්‍යවස්ථාදායක සභාවේ සියලූම ගරු සභිකයන් වෙත.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදුෂණඅක‍්‍රමිකතාවංචාපිළිබඳ සොයා බැලීම සදහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙසට හා හිටපු සහ දැනට සිටින අය නිලතල සඳහා පත් නොකරන ලෙසට කරණු ලබන ඉල්ලීම.

1996 අංක 21 දරණ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත මගින්ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්ථාපිත කරන ලද දිනයේ සිට ශ‍්‍රී ලාංකික ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම සඳහා කොමිෂන් සභාව සමග ඉතා සමීපව ක‍්‍රියාකරන ලද සංවිධානයක් වශයෙන් මෙම ඉල්ලීම කරණු ලබන්නේ,

18 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය යටතේ පත්කරණු ලැබූමේ දක්වාම ක‍්‍රියාත්මක වන     ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේසභාපති ප‍්‍රමුඛ කොමසාරිස්වරුන් දඑකී කාල පරිච්ඡ්දයේ එම කොමිෂන් සභාවේ පහත නම් වශයෙන් සඳහන් කරණු ලබන ප‍්‍රධාන නිල තල දරන්නන් විසින් සිදු කර තිබෙන ඉතා බරපතල දුෂණඅක‍්‍රමිකතා සහ වංචා මගින් සිදු කර ඇත්තේ මූලික අයිතීන් උල්ලංඝණයන් ප‍්‍රවර්ධනය කිරීමත්පීඩකයන් අරක්ෂා කිරීමත්වින්දිතයන් ප‍්‍රපාතයට ඇද හෙළීම  සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳව සැමට සාධාරණය ඉටු කර ගත හැකි වන්නේ පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිෂන් සභාවක්  මගින් පවත් වන පරික්ෂණයකින් පමණක් වන බැවිනි.

  1. සභාපති – හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා මයා.
  2. කොමසාරිස්වරු – 1. ජෙෂීමා ඉස්මයිල් මිය.
  3. ආන්නද රාජා මයා.
  4. ආචාර්ය ප‍්‍රතිභා මහානාම. (ඉවත්ව තිබේ).
  1. වත්මන් සභාපතිගේ උපදේශක/හිටපු අතිරේඛ ලේකම් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා.
  2. ලේකම්නීතිඥ සමන්ති ජයමහ මිය.
  3. වැඩබලන පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ නීතිඥ ප‍්‍රසන්න අරම්පත් මහතා.
  4. වැඩබලන අධ්‍යක්ෂවරු සියලූ දෙනා.

ඉහත නම් සඳහන් සභාපති ප‍්‍රමුඛ කොමසාරිස්වරුන්ලේකම්අධ්‍යක්ෂවරු වැඩ බලනහිටපු අතිරේක ලේකම් වත්මන් සභාපතිගේ උපදේශක දුෂණඅක‍්‍රමිකතාවංචාපිළිබඳව ඉතා සංක්ෂිප්ත ව පහත දක්වමු;

  1. නීති විරෝධී හා සදාචාර විරෝධී පත්වීම්.
  • ආනන්ද රාජා මහතා හිටපු පොලිස්පති වරයෙකි. තම සේවා කාලය තුළ මූලික අයිතීන් උල්ලංඝණය දිරිමත් කළ අයෙකි. පීඩකයන්ව ආරක්ෂා කරන ලදි. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට චෝදනාවලට ලක් වූවෙකි.
  • ආචාර්ය ප‍්‍රතිභා මහානාම මහතාකොළඹ විශ්ව විද්‍යාලයේ දරන ආචාර්ය පදවියට අමතරව සර් ජෝන් කොතලාවල ආරක්ෂක පීඨයේ ද තනතුරක් හොබවයි. කොමිෂමේ මාධ්‍ය ප‍්‍රකාශක වශයෙන් එකල සියලූ මූලික අයිතීන් උල්ලංඝණයන් වසන් කිරීමට සහ ජනතාව නොමග යැවීමට පියවර ගන්නා ලදි.
  • සභාපති ප‍්‍රමුඛ සෙසු කොමසාරිස්වරු අක‍්‍රීය පුද්ගලයන්ය. පනතේ පැහැදිළි කරන නිර්නායකයන්ට පටහැනිව පත් කරන ලද අය වෙති.
  • නීතිඥ නිමල් පුංචිහේවා මහතාවර්තමානයේ සභාපතිගේ උපදේශක ලෙසට පත් කරගෙන සිටිති. හිටපු අතිරේක ලේකම්ය. කොන්ත‍්‍රාත් පදනම යටතේ දිගු කාලයක් සේවය කරන ඔහු පසුගිය කැබිනට් මණ්ඩලයේ හා හිටපු ජනාධිපති ලේකම් ගේ නිර්දේශයෙන් කටයුතු කරණු ලැබීය. මේ නිල තල දරණ අතරම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති පදවිය ද දරණ ලදි.
  • ජනාධිපතිවරණය සමයේ මොහු වැඩ බලන පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන විමර්ශන නිලධාරී නීතිඥ ප‍්‍රසන්න අරම්පත් සමග එක්වමහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනයට එරෙහි වූවන්ට තර්ජනය කරන ලදි. බලපෑම් කරන ලදි.
  • නීතිඥ නිමල් පුංචිහේවා මහතාව කොමිසමේ රඳවා ගැනීම සදහා සභාපති – හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා මහතා ප‍්‍රමුඛ වසේවකයන් සිය කාර්යාලයට බලහත්කාරයෙන් ගෙන්වා අත්සන් ලබා ගැනීම සිදු කරන ලද්දේ වැඩ බලන පරිපාලන හා මුල්‍ය අධ්‍යක්ෂ පදවියට පත්ව සිටින විමර්ශන නිලධාරී නීතිඥ ප‍්‍රසන්න අරම්පත් මයාය.
  • නීතිඥ නිමල් පුංචිහේවා මහතාව සංවිධානාත්මකව විවිධාකාර ලෙස කොමිසමේ මුදල් අයථා ලෙසට පරිහරණය කර තිබෙන අතරඅදටත් එ් සඳහා පිඹුරු පත් සකස් කරමින් සිටි.
  • එයට අමතර කොමිෂම තුළ නුසුදුස්සන්ට තනතුරු ලබාදෙමින් තම අවශ්‍යතාවයන් ඉටු කර ගන්නා අතරඑම දුෂිත පිළිවෙත් වලට හිස නොනමන කාර්ය මණ්ඩල සමාජිකයින් ව හිංසාවට පත් කරනු ලබයි.
  • ඔහු සිය උප්පැන්න සහතිකය පවා වෙනස් කර ඇති බවට ප‍්‍රකාශ වන අතරඑ් බව තහවුරු වන්නේඔහු විසින් ලබාගෙන ඇති විදේශ ගමන් බලපත‍්‍ර මගින් හා විවිධ අවස්ථාවල රාජකාරිමය වශයේන ලබා දී ඇති ප‍්‍රකාශ වලින්ය.
  • ලේකම් නීතිඥ සමන්ති ජයමහ මියටලේකම් තනතුර දැරීම සඳහා අත්‍යවශ්‍ය මූලික සුදුසුකම් නොමැති බව ප‍්‍රකාශ වේ. 2012.04.30 සිට කොන්ත‍්‍රාත් පදනමේ සිටින අතරඇයගේ සේවය අකාර්යක්ෂම බව ප‍්‍රකාශ වී ඇතත්ඇයව තනතුරේ ස්ථිර කිරීමට කඩිමුඩියේ පියවර ගෙන ඇත්තේ ආණ්ඩු වෙනස් වීම සමගය. මැය එවැනි තනතුරුවලට නුසුදුසු තවත් එක් හේතුවක් වන්නේ ඇයගේ සැමියා යුධ හමුදාවේ නිලයක් දැරීම.
  • පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ තනතුරේ වැඩ බැලීමට පත් කරණු ලැබ සිටින විමර්ශන නිලධාරී නීතිඥ ප‍්‍රසන්න අරම්පත් මයාට එම තනතුරට අදාල අවම සුදුසුකම් නොමැති බව ප‍්‍රකාශ වන අතරමඔහු මෙම තනතුරේ සිටිය දී නීතිඥ වෘත්තියේ නියැලෙන බව ප‍්‍රකාශ වේ. මෙය බරපතල නීති විරෝධී ක‍්‍රියාවකි. මොහු 2009වසරේ සිදු වූ ටයර් සොරකමට අදාලවවගකිව යුත්තෙක් බව ප‍්‍රකාශ වේ. එ් අවස්ථාවේ මොහු වැඩ බලන ප‍්‍රවාහන නිලධාරී වශයෙන් ක‍්‍රියා කර තිබේ.
  • 2008 වසරේ කොමිෂන් සභාවකොමිෂන් සභාවේ සේවකයන් පිරිසක් පිටස්තරයකු ද සම්බන්ධ කරගෙන ගිනි තබන ලදි. මෙම පිරිසට අදාල නඩු විභාගයට බලපෑම් කරඅවසන් කිරීමට දඉන් අනතුරුව වසර 8ක් හිඟ වැටුපවැටුප් වර්ධක සමග යළි සේවයේ පිහිටු වීමට ද සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්්ත පෙරේරාසභාපති උපදේශක හිටපු අතිරේක ලේකම් නීතිඥ නිමල් පුංචිහේවාපරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ වැ.බ නීතිඥ ප‍්‍රසන්න අරම්පත් පෙරමුණ ගෙන තිබේ.
  • හිටපු විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න මහතා සමග අයථා ලෙස සම්බන්ධකම් පවත්වාගෙන කොමිෂන් සභාවේ සේවකයන් ට නීති විරෝධීව රජයේ විශ‍්‍රාම වැටුප් ලබන සේවකයන් බවට ප‍්‍රකාශයට පත් කරවීමට පියවර ගැනීමට මූලික වූයේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරාසභාපති උපදේශක හිටපු අතිරේක ලේකම් නීතිඥ නිමල් පුංචිහේවාපරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ වැ.බ නීතිඤ ප‍්‍රසන්න අරම්පත් යන අය බව පැවසේ.
  • පසුගිය ආණ්ඩුව සමයේ පොලීසියහමුදාවබන්ධනාගාරවල සිදු කරණු ලැබූ ඝාතන හා වධහිංසා පිළිබඳව විමර්ශනය කරන බවට ප‍්‍රකාශ කළ ද එ්වායේ වාර්තා ප‍්‍රසිද්ධ කළේ නැත. එසේ නැතිනම් එ්වා සාධාරණීකරණය කරමින් වාර්තා නිකුත් කරණු  ලැබීය. මේ හැම කරුණකදී ම පෙරමුණ ගෙන ක‍්‍රියා කළේසභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා සභාපති උපදේශක හිටපු අතිරේක ලේකම් නීතිඤ නිමල් පුංචිහේවාපරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ වැ.බ ප‍්‍රසන්න අරම්පත් ප‍්‍රමුඛ කොමසාරිස් වරුන් ය.
  • මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විශාල මුදලක් වැය කර පවත්වාගෙන යනු ලබන ප‍්‍රාදේශීය කාර්යාලය සුදු අලියන් පමණක් නොව පීඩාවට පත්වන පුද්ගලයන් වින්දිතයන් තව තවත් පීඩාවට පත්කරණු ලබනපීඩකයන් සමග එක්ව ක‍්‍රියාකරන දුෂිත මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී තිබේි.
  • පෙර සදහන් කළ පරිදිඅවම සුදුසුකම් නොමැතිවිෂමාචාර ක‍්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට පදවි පිරිනමා නඩත්තු කරන අතරමදුෂණ අක‍්‍රමිකතා නොකරනදුෂණවලට එරෙහිව ක‍්‍රියා කරන නිලධාරීන්ගෙන්සේවකයන්ගෙන් පළි ගැනීම සඳහා ක‍්‍රියා කරන්නේ අති විශාල මුදල් වියදම් කරමින්ය. ඊනියා පරීක්ෂණ මගින් අවංක දක්ෂ නිලධාරීන්ට දඬුවම් කිරීමහිතවතුන්ට මාරු වීම්වරප‍්‍රසාද ලබා දීමහිතවතුන්ගේ විනය විරෝධී ක‍්‍රියාවන් යට ගැසීමවංචාවලට අනුබල දීම සිදු කර තිබේ.
  • පෙර සඳහන් කළ පරිදි මානව හිමිකම් කොමිෂමේ අතිරේක ලේකම් පදවියේ කොන්ත‍්‍රාත් පදනමින් ක‍්‍රියා කරන අතරමඑයට සමගාමීව ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ධූරය දරමින් ක‍්‍රියා කළ නීතිඥ නිමල් ජී පුංචිහේවාකොමිෂන් සභාවේ සභාපතිකොමසාරිස්වරුවැඩ බලන අධ්‍යක්ෂවරුන්ට සෘජුව හෝ වක‍්‍රව ඉඩම් ලබා දී ඇති බවට වාර්තා වේ.
  • විමර්ශන ලිපි ගොනු ගොඩ ගැසීමට ඉඩ හැරඑම ලිපි ගොනු වැඩ අවසන් කිරීම යන ප්‍රෝඩාකාරී යෝජනාව යටතේසහකාර උපදේශක අතිරේක ලේකම්ව සිටි නීතිඥ නිමල් පුංචිහේවාට එක් ලිපි ගොනුවකට රු: 5000/- බැගින් ගෙවීම යටතේ ඔහුට අනියම් ලෙසට මුදල් උපයා තැනීමට අවස්ථාවක් ලබා දීමට සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා හා ලේකම් සමන්ති ජයමහ මිය ප‍්‍රමුඛත්වයෙන් අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ගෙන තිබෙන බවද වාර්තා වේ.
  • අඛණ්ඩව පසුගිය කාල පරිච්ෙඡ්දයේමානව හිමිකම් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමටදේශක ගාස්තු වශයෙන් රු: 10,000/- ක් දප‍්‍රවාහන ගාස්තු හා නවාතැන් පහසුකම් සලස්වා විශාල මුදල් වංචාවක් සිදු කර ඇති බව වාර්තා වේ.
  • පොලිස් ස්ථාන පරීක්ෂාව යටතේ ප‍්‍රධාන කාර්යාලය හා ප‍්‍රාදේශීය කාර්යාලවලට අනුබද්ධ විමර්ශන නිලධාරීන් මුදල් වංචා කර තිබේන බව හා එම කාර්යයේ කිසිදු ඵලදායි තත්වයක් නොමැත.
  • කොමිෂමට පැමිණෙන වින්දිතයන් දැඩි අපහසුතාවයට පත් කරණු ලබන අතර පීඩකයන් සමග එක්වඔවුන් සමථ කිරීමේ කාර්යයේ නිරත වී සිටින වත්මන් සභාපති ප‍්‍රමුඛ කොමසාරිස්වරුසභාපති උපදේශක නීතිඥ නිමල් පුංචිහේවා මයාවැඩ බලන පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂවිමර්ශන නිලධාරී නීතිඥ ප‍්‍රසන්න අරම්පත් මයාසමහර විමර්ශන නිලධාරීන්වින්දිතයන් නින්දාවටඅපහාසයට පාත‍්‍ර කිරීම.
  • පීඩකයන් ආරක්ෂා කාරීම සඳහා විමර්ශන ලිපි ගොනු අතුරුදහන් කරවීම. විමර්ශන වාර්තා නිකුත් නොකිරීම.
  • වින්දිතයන්ගේ ආරක්ෂාව සඳහා ඇතිකර තිබෙන හදිසි ඇමතුම් අංකය බාරව ක‍්‍රියා කරන සමහර විමර්ශන නිලධාරීන් පීඩකයන් වෙනුවෙන් පෙනී සිටී.
  • පරිපාලනයේ දුෂණ හා අක‍්‍රමිකතා පවත්වාගෙන යෑම සඳහාකොමිෂමේ නිලධාරීන්/ කාර්ය මණ්ඩලය අනන්‍යයතාවය හෙළි නොකිරීමට පියවර ගෙන තිබීම.
  • කලාපීය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය වන එ්ෂියා පැසිපික් මානව හිමිකම් සංවිධානය විසින්  ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවපූර්ණ සාමාජිකත්වයෙන් ඉවත් කොටතත්ත්වයෙන් පහත හෙලා ඇති බව ඔබ දන්නා කරුණකි. මෙම සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාව හා නිර්දේශ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා මයා විසින් සඟවා තබාගෙන තිබේ.
  • ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දුෂණ හා අක‍්‍රමිකතා පිළිබඳව අප විසින් කරන ලද හෙළිදරව් කිරීම් නිසා බොහෝ සේ කුපිත වූ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා මයා ප‍්‍රමුඛ ඉහත සඳහන් කළ  කණ්ඩායම එ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටලේකම් නීතිඥ සමන්ති ජයමහ මිය මගින් පැමිණිලි කරන ලදි. එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ කුමක්දැයි නොදනිමු. එහෙත් එ් පිළිබඳව අපගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ විශේෂ විමර්ශන එ්කකය  මගින් ප‍්‍රකාශයක් සටහන් කර ගනු ලැබීය. විශේෂ විමර්ශන එ්කකය  ප‍්‍රකාශ කර සිටියේ නීතිපති උපදෙස් මත පරීක්ෂණ කරන බවයි. අප හෙළිදරව් කළ කරුණු ඔප්පු කිරීමට හැකි බව අවධාරණය කරමු.

ඉහත සඳහන් කරුණු ඔප්පු කිරීම සඳහා ලිඛිත සාක්ෂි තිබෙන අතර පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිෂමක් පත්කිරීම ක්ෂිකරුවන් ආරක්ෂා කරන මගින්වාචික සාක්ෂි දීමට සේවක මණ්ඩලයේ සේවකයන් සූදානමින් සිටින බව ද අවධාරණය කරමු.

තවදමේ කරුණු ඇතුළත් දීර්ඝ විස්තර අප විසින් හා කාර්ය මණ්ඩලය නිර්නාමිකව ගරු ජනාධිපති හා අග‍්‍රාමාත්‍යවරයා වෙත වරින් වර දැණුම් දීම් කර තිබෙන බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

ඉල්ලීම.

ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමේ භාරධූර කාර්යයේ නියැලෙන මේ මොහොතේ,

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුලූ කොමසාරිස්වරු පත් කිරීමේදී,

(1) මෙම කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරුන්නිලධාරීන් කිසිවකු සභාපති සහ කොමසාරිස් වර ලෙසට පත් කිරීමෙන් වැළකී සිටින ලෙසට ද,

(2) විශ‍්‍රාමික පොලිස් නිලධාරීන් ප‍්‍රමුඛ රජයේ නිලධාරීන් කොමසාරිස්වරුන්පත් කිරීමෙන් වැළකී සිටින ලෙසට ද,

(3) වගකීමක් ඇතිවගවීමට හැකිපරිපාලන දක්ෂතා ඇති කොමසාරිස්වරුන් පත් කිරීම ඉතා වැදගත් බවද,

(4) කොමිෂන් සභාවේ මූල්‍ය කටයුතු විගණනය කිරීමට පියවර ගන්නා ලෙසට සහ ඉදිරියේ දි විගණයට යටත් කරන ලෙසටද

(5) සියලූ පිරිපාලන කටයුතු පිළිගත් ආයතන නීති රීති වලට යටත් කරන ලෙසටද,

(7) කොමිසමේ අක‍්‍රමිකතා හා මුල්‍ය වංචා සොයා බලා වාර්ථා කිරිම සහ කාර්යක්ෂම සහ ථලදායි කොමිසමක් සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසටද,

ඉල්ලා සිටිමු.

ස්තුතියි

චිත‍්‍රාල් පෙරේරා

ලේකම්

ජනසංසදය