WORLD : තේමාව: මධ්‍යතන යුගයේ ප‍්‍රභවයන්

මැග්නා කාර්ටා යනු කුමක්ද? එය සෑදුවේ කුමක් සඳහාද? එයින් පවසන්නේ කුමක්ද සහ ඉතිහාසයේ වඩාත්ම වැදගත් ලියවිල්ලක් ලෙසට එය සලකනු ලබන්නේ සහ සමරනු ලබන්නේ ඇයි?

මොන්ටි පයිතන් හි ටෙරී ජෝන්ස් විසින් හඬ කවනු ලැබූ මෙම කෙටි ඇනිමේෂන් චිත‍්‍රපටය මගින් ඔබ ව මධ්‍යතන යුගයේ එංගලන්තය වෙත රැුගෙන යනු ඇත. එය වර්ෂ 1215 හි පාලනය ගෙන ගිය නපුරු ජෝන් රජු ගේ පාලන සමයයි. මෙම මැග්නා කාර්ටා ගිවිසුම මූලික වශයෙන් නිර්මාණය වූයේ ඇයි? එසේම එයින් සත්‍ය වශයෙන්ම කියැවෙන්නේ කුමක්ද?

මැග්නා කාර්ටා යනු කුමක්ද?

‘මහා ගිවිසුම’ යන අර්ථය දෙන මැග්නා කාර්ටා ලෝකයේ වඩාත්ම ජනප‍්‍රිය ලේඛන අතරින් එකකි. එංගලන්තයේ ජෝන් රජු (1199-1216) විසින් වර්ෂ 1215 දී මුහුණ දුන් දේශපාලන අර්බුදය සඳහා දේශපාලන විසඳුමක් වශයෙන් නිකුත් කළ මෙය මගින් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට රජු ද ඇතුළුව සෑම පුද්ගලයෙක්ම නීතියට විෂය වන බවට මතය ස්ථාපිත කළේය. මෙම ලේඛනයෙන් තුනෙන් එකකට ආසන්න ප‍්‍රමාණයක් දස වසරක් තුළ මකා දැමීම හෝ නැවත ලිවීම සිදුකර ඇතත් සහ,නූතනයේදී එහි තිබූ සියලූම වගන්ති පාහේ අවලංගු වී ඇතත් මැග්නා කාර්ටාව අදටත් සැලකෙන්නේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොන් ගලක් ලෙස ය.

 

ජෝන් රජු විසින් ප‍්‍රකාශයට පත් කළ එම ලියැවිල්ලේ අඩංගු වගන්ති 63 න් බහුතරය ඔහුගේ පාලන සමයේදී හටගත් සුවිශේෂී දුක්ඛ දෝමනස්සයන් හා සම්බන්ධිත ය. නමුත් ඒ තුළ ගැබ් වී මූලික හරයන් ගණනාවක් තිබූ අතර ඒවා රජුගේ ඒකාධිපත්‍යයට අභියෝග කළා මෙන්ම ඉදිරි සියවස් සඳහා අතිශයින් ම ගැළපෙන්නේ ද විය. ඒ අතරින් වඩාත් ජනප‍්‍රිය වගන්තිය වන්නේ සියලූ‘නිදහස් මිනිසුන්’ ට යුක්තිය සඳහා ඇති අයිතිය සහ සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය ලබාදුන් 39 වැනි වගන්තියයි. මැග්නා කාර්ටා හි ඇතැම් මූලික හරයන් එක්සත් ජනපදයේ අයිතිවාසිකම් පනත (1791) සහ ලොව පුරා සෙසු බොහෝ ආණ්ඩුක‍්‍රම ලියවිලිවල ද, එසේම මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය (1948) තුළද මානව හිමිකම් පිළිබඳ යුරෝපා ප‍්‍රඥප්තිය (1950) තුළ ද දෝංකාර දෙයි.

මැග්නා  කාර්ටා  1215

1215 මැග්නා කාර්ටා ගිවිසුමේ ඉතිරිව තිබෙනා පිටපත් හතරෙන් එකක් වන මෙහි, ‘කිසිවෙකුගේ යුක්තිය සඳහා වූ අයිතිය ප‍්‍රතික්ෂේප කිරීම හෝ ප‍්‍රමාද කිරීම කළ නොහැකිය’ යන ජනප‍්‍රිය වගන්තිය අන්තර්ගත වේ.

මැග්නා කාර්ටා අද දවසේ වැදගත් වන්නේ ඇයි?

1215 දී මැග්නා කාර්ටා ගිවිසුම රජු සහ විප්ලව ගැසූ බැරන්වරුන් (වංශාධිපතීන්) අතර වූ සම්මුතියක් විය. ඒ අංශයෙන් බලන විට එය අසාර්ථක වූ බවක් පෙනී ගියත්, එය රජු සහ රජුගේ විෂයයිකයන් අතර සම්බන්ධතාවයට නව කාර්යරාමුවක් සපයා දුන්නේය. 3 වැනි හෙන්රි (1216-72) විසින් ඉදිරිපත් කළ 1225 මැග්නා කාර්ටා ගිවිසුම මුළු රාජධානියම ඔහු ට ලබාදෙන බද්දක් සම්බන්ධයෙන් වූ නමුත් මුලින් දැක්වූ අදහස එයින් තවදුරටත් ඉදිරියට ගෙන යන ලද අතර එය මෙම ලේඛනයේ අර්ථ විවරණාත්මක ආකෘතිය බවට පත්විය. 1225 මැග්නා කාර්ටා ගිවිසුමේ වගන්ති 3 ක් අදටත් ව්‍යවස්ථාවේ ඉතිරි ව තිබේ. අද වනවිට මැග්නා කාර්ටා හි වගන්ති බහුතරයක් අවලංගු වී ඇතත්, මධ්‍යතන යුගයේ ඇරඹි එම ඇතැම් වගන්තිවල අපසරණයන් නූතන යුගයේ සිදුවන බලය අත්තනෝමතික ලෙස භාවිතයට එරෙහි ප‍්‍රබල අන්තර්ජාතික හඬක් බවට පත්වී තිබේ.

මැග්නා කාර්ටාල 1225

මැග්නා කාර්ටා ගිවිසුමේ 1255 සංස්කරණය. මෙය තුන්වැනි හෙන්රි රජු, රාජධානිය විසින් ඔහුට ගෙවනු ලබන බද්දකට ප‍්‍රතිචාරයක් වශයෙන් ප‍්‍රකාශයට පත්කරන ලද්දකි.

මැග්නා කාර්ටා මගින් පවසන්නේ කුමක්ද?

මුලින්ම ප‍්‍රදානය කරන විට මැග්නා කාර්ටා හි වගන්ති 63 ක් අන්තර්ගත වුවත්, ඉංග‍්‍රීසි නීතියේ කොටස් බවට පත්වූයේ එයින් වගන්ති 3 ක් පමණි. එයින් එක් වගන්තියකින් එංගලන්ත සභාවේ නිදහස සහ අයිතිවාසිකම් සුරක්ෂණය කරන අතර, තවත් වගන්තියකින් ලන්ඩනයේ සහ සෙසු නගරවල නිදහස සහ චාරිත‍්‍ර සුරක්ෂණය කරයි. කෙසේ නමුත් අනෙක් වගන්තිය වඩාත් ජනපි‍්‍රය ය:,

‘‘කිසිදු නිදහස් මනුෂ්‍යයෙකු අල්ලා ගැනීම හෝ සිරගත කිරීම, හෝ ඔහුගේ අයිතිවාසිකම්වලින් හෝ බුක්තියෙන් ඉවත් කිරීම,හෝ පිටුවහල් කිරීම හෝ නීති භ‍්‍රෂ්ට කිරීම, හෝ, ඔහුට විරුද්ධ ව බලයක් යෙදීම හෝ ඒ සඳහා අන්‍යයන් යෙදවීම නීත්‍යානුකූල නඩු විනිශ්චයකින් හෝ දේශයේ නීතියෙන් හැර අන් කිසි ක‍්‍රමයකින් නොකළ යුත්තේය. කිසිවෙක් කිසිවෙකුට නොවිකිණිය යුතු අතර කිසිවෙකුගේ අයිතිය හෝ යුක්තිය ප‍්‍රතික්ෂේප කිරීම හෝ ප‍්‍රමාද කිරීම නොකළ යුත්තේය.’’

මෙම වගන්තිය මගින් සියලූ නිදහස් මිනිසුන්ට යුක්තිය සහ සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතිය ලබාදෙයි. කෙසේ නමුත්, ‘නිදහස් මිනිසුන්’ යන්නට අයත් වූයේ මධ්‍යතන යුගයේ එංගලන්තයේ ජනගහනයෙන් ඉතා සුළු කොටසක් පමණි. ජනතාවගෙන් බහුතරය ‘වැඩවසම් සේවකයන්’ හෙවත් ‘ප‍්‍රවේණිදාසයන්’ යනුවෙන් හැඳින්වූ නිදහස් නැති මිනිසුන් වූ අතර, ඔවුන්ට යුක්තිය සෙවිය හැකි වූයේ තමන්ගේ ඉඩම් හිමියන්ගේ අධිකරණ හරහා පමණි.

මැග්නා කාර්ටා හි ගැඹුරු ලෙස නිදන්ගත වී තිබෙන මෙම වගන්තිවලට 1215 වර්ෂයේ කිසිදු විශේෂ ප‍්‍රමුඛතාවක් ලැබුණේ නැති නමුත් එහි නෛසර්ගික උපයෝගිතාවය විසින් අනුප‍්‍රාප්තික පරම්පරාවන්ට තමන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් එය නැවත අර්ථ දක්වා ගැනීමේ හැකියාව ලබාදුන්නේය. 14 වන සියවසේදී පාර්ලිමේන්තුව එය දුටුවේ ජූරි නඩු විභාගය සහතික කරන්නක් ලෙසිනි. 17 වන සියවසේදී ශ‍්‍රීමත් එඞ්වඞ් කෝක් (1552-1634) පූර්ව ස්ටෝට් රජුන් සමග පැවති සිය ගැටුමේදී තනි පුද්ගල නිදහස පිළිබඳ ප‍්‍රකාශනයක් ලෙසින් එය දිටීය. මේ අතර එය අයිතිවාසිකම් පනත (1791) සහ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය (1948) තුළ ද ප‍්‍රතිරාවය වෙයි.

මැග්නා කාර්ටා ගිවිසුමේ වගන්තිවලින් බහුතරය ඉඩම් හිමිකම පිළිබඳ වූ සුවිශේෂී ගැටලූ, යුක්තික ක‍්‍රමයේ යාමනය සහ නූතන සමයෙදුම් සොයාගත නොහැකි මධ්‍යතන පාඨයන් (උදා:-‘scutage’ and ‘socage’)  හා සම්බන්ධිත ය. එය තේම්ස්,මෙඞ්වේ සහ එංගලන්තය පුරා පිහිටා තිබෙන මත්ස්‍ය අහින් ඉවත් කරන ලෙසටත් රාජකීය සේවකයන් ගණනාවක් ඉවත් කරන ලෙසටත් ඉල්ලා සිටියි. තවද බර සහ මිනුම් ගණනාවක් ප‍්‍රමිතිගත කරන ලෙසටද බල කරයි.

රාජධානියේ පොදු කැමැත්තෙන් තොරව කිසිදු බද්දක් පැනවිය නොහැකි බව එය සඳහන් කරන්නේ ප‍්‍රධාන වංශාධිපතීන් සහ පල්ලියේ නායකයන් ගැන අදහස් කරමිනි. අහිමි වූ වරප‍්‍රසාද නැවත ස්ථාපිත කරන එය, තනිපුද්ගලයෙකුගේ ජීවනෝපාය ට තර්ජනයක් නොවන පරිදි දඬුවමේ බරපතළ බවට සාපේක්ෂව දඩ ගැසිය යුතු බව කියයි. වැන්දඹුවකට සිය කැමැත්තට එරෙහිව නැවත විවාහ වන්නැයි බල කළ නොහැකි බව ද එය සඳහන් කළේය.

මැග්නා කාර්ටා නිර්මාණය කළේ ඇයි?

1214 වර්ෂයේදී ජෝන් රජුගේ කුලී හේවායන් උතුරුදිග ප‍්‍රංශයේ පැවති බෝවින්ස් සටනේදී පරාජය විය. මෙම හමුදාව ට ප‍්‍රධාන වශයෙන් මුදල් ගෙව්වේ ිජමඒටැ නමැති බද්දෙන් ලැබුණු මුදල්වලිනි. මෙම බද්ද හමුදා සේවය සඳහා නයිට්වරුන් සැපයීම සඳහා රජුට ගෙවන ලද බද්දක් වූ අතර එය වංශාධිපතීන්ගේ මහත් නොසතුටට හේතු වී තිබිණි.

ජෝන් රජුගේ පාලන සමයේදී ඔහු සහ පල්ලිය අතර වූයේ ද පළුදු වූ සම්බන්ධතාවකි. ජෝන් රජු විසින් ස්ටීවන් ලැන්ටන් (1150-1228) ව කැන්ටබරි හි අගරදගුරු වශයෙන් පත්කිරීම ප‍්‍රතික්ෂේප කර තිබූ අතර, 1208 වසරේදී පාප් වහන්සේ ආඥාවක් (‘නිරෝධ නියෝගයක්’ යනුවෙන් මෙය හැඳින්වේ) නිකුත් කරමින් එංගලන්තයේ ජනතාවට සැක‍්‍රමේන්තුව ලබාගැනීම හෝ පාරිශුද්ධියට පත් භූමියක භූමදාන වීම තහනම් කළේය. ජෝන් රජු ව තුන්වැනි ඉනොසන් පාප්වහන්සේ (1161-1216) විසින්1209 දී කතෝලික සභාවෙන් ඉවත් කළ අතර, 1213 වර්ෂයේ ජෝන් රජු විසින් සිය රාජධානිය පාප් වහන්සේගේ අධීෂ්වරත්වයට යටත් කරන තෙක්ම එම ආඥාව බලපැවැත්වුණේය.

1213 වසරේදී විප්ලවකාරී වංශධිපතිවරුන් පිරිසක් විසින් අගරදගුරු ස්ටීවන් ලැන්ටන් සහ පාප්වහන්සේගේ නියෝජිත සභාවක් මුණ ගැසුණේ රජුට එරෙහි සිය අකමැත්ත ප‍්‍රකාශ කිරීම සඳහා ය. ජෝන් රජ විසින් සිය පූර්වගාමියා වූ පළමු හෙන්රි රජු 1100 දී නිකුත් කළ කිරීටප‍්‍රාප්ත ගිවිසුම කි‍්‍රයාත්මක කිරීමට පොරොන්දු විය යුතු බවට ඔවුහු තරයේ කියා සිටියහ. එම ගිවිසුමෙන්‘‘එංගලන්ත රාජධානිය විසින් අසාධාරණ ලෙස පැනවූ සියලූ දුෂ්ට චාරිත‍්‍රයන් අවලංගු කිරීමට’’ ප‍්‍රතිඥා දෙයි. 1215 වසරේදී මෙම ආරාවුල උත්සන්න වූයේ ජෝන් රජු වංශාධිපතීන්ගේ එම ඉල්ලීම් ඉටු කිරීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා ය. බොහෝ වංශාධිපතීන් සිය රාජපාක්ෂික භාවය පිළිබඳ දිවුරුම ප‍්‍රතික්ෂේප කළේ රොබට් ෆිට්ස් වෝලටර් (1162-1235) සිය නායකයා වශයෙන් තෝරාගනිමිනි. එම මාසයේදීම ඔවුන් විසින් ලන්ඩන් නගරය අල්ලා ගැනීම ඔවුන්ගේ ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් විය.

ලන්ඩනය වංශාධිපතීන් විසින් අල්ලාගත් පසු ඔවුන් සමග සාකච්ඡුා කිරීම හැර වෙනත් විසඳුමක් ජෝන් රජුට තිබුණේ නැත. දෙපාර්ශවය 1215 වසරේ ජූනි මස දකුණුදිග එංගලන්තයේ තේම්ස් නදී අසබඩ වින්ඞ්සර් අසල රනීමේඞ් හිදී මුණ ගැසුණහ. එහිදී වංශාධිපතීන් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් ‘වංශාධිපතීන්ගේ ගිවිසුම් වගන්ති’ යන්නෙහි අන්තර්ගත වේ. වංශාධිපතීන් සහ අගරදගුරු ලැන්ටන්ගේ නායකත්වයෙන් යුත් පූජකවරුන් සමග සිදුකළ වැඩිදුර සාකච්ඡුාවලින් අනතුරුව ජෝන් රජු, පසුව මැග්නා කාර්ටා යනුවෙන් හැඳින්වූ නිදහසේ ගිවිසුම ප‍්‍රදානය කිරීමට 1215 ජූනි 15 වැනිදා එක`ග විය. ජූනි 19 වැනිදා කැරළිකාර වංශාධිපතීන් ජෝන් රජු සමග සිය විධිමත් සාමකාමී බව ප‍්‍රකාශ කර රාජපාක්ෂික භාවය පිළිබඳ නැවත දිවුරුම් දුන්හ.

රජුගේ ලිපිකරුවෝ මෙම ගිවිසුමේ පිටපත් සාදා ඒවා රාජධානිය පුරා බෙදා හැරියහ. 1215 මැග්නා කාර්ටා ගිවිසුමේ පිටපත් කීයක් එසේ සෑදුවේද යන්න නිශ්චිත නැති නමුත් ඒවා අතරින් පිටපත් 4 ක් තවමත් සුරැුකිව තිබේ. එයින් එකක් ලින්කන් දෙව්මැදුරේද, එකක් සැලිස්බරි දෙව්මැදුරේ ද, දෙකක් බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ ද දැකිය හැකිය. සෙසු මධ්‍යකාලීන ගිවිසුම් මෙන් මැග්නා කාර්ටා ද රජුගේ අත්සනින් නොව මහා මුද්‍රාවෙන් සැබෑ බවට සහතික කර තිබේ.

වංශාධිපතීන්ගේ ගිවිසුම් වගන්ති

ජෝන් රජු විසින් සිය වංශාධිපතීන් වෙත ප‍්‍රකාශ කර සිටි ගිවිසුම්ගත බැඳීම් ‘වංශාධිපතීන්ගේ ගිවිසුම් වගන්ති’ නමැති ලියවිල්ලක ලේඛනගත කර ඇති අතර එයට රජුගේ නිල මුද්‍රාව යොදා තිබේ. මේ අතර රනීමේඞ් හිදී එළඹුණු, පසුව මැග්නා කාර්ටා ගිවිසුම ලෙස ප‍්‍රකට වූ ගිවිසුම්ගත වගන්ති රාජකීය චාන්සරීය අධිකරණය විසින් විධිමත් නීතිමය ලියවිල්ලක් ලෙසට නිකුත්කරන ලදී.

මැග්නා කාර්ටා කෙටි කාලයක් සඳහා පමණක් බලපැවැත්වීද?

ජෝන් රජු මැග්නා කාර්ටා හි ගිවිසුම්ගත කරුණු සමග එක`ග වුවත්, වංශාධිපතීන් සිය රාජපාක්ෂිකභාවය පිළිබඳ දිවුරුම් අලූත් කළත් එම සම්මුතිය දිගු කාලයක් පැවතියේ නැත. මැග්නා කාර්ටාව බලාත්මක කිරීමට ගිය ස්වභාවය පිළිබඳ කණස්සල්ලට පත් ජෝන් රජු පාප් වහන්සේට (එංගලන්තයේ සහ අයර්ලන්ත රාජධානියේ ප‍්‍රධානියා වූ  1215 ගිම්හාන සෘතුවේදී පණිවුඩකරුවන් යැව්වේ එම ගිවිසුම නිෂ්ප‍්‍රභා කරන ලෙසට ඉල්ලා සිටිමිනි. අනෙක් අතට මැග්නා කාර්ටාව කි‍්‍රයාවට නංවන තෙක් ලන්ඩන් නුවර නැවත රජුට භාරදීමට වංශාධිපතියෝ අකමැති වූහ. මැග්නා කාර්ටා හි වගන්තිවලින් කැළඹීමට පත් 3 වන ඉනොසන් පාප්වහන්සේ 1215 අගෝස්තු 24 වැනිදා papal bull යනුවෙන් හැඳින්වූ ලියවිල්ලක් ප‍්‍රසිද්ධියට පත් කරමින් මැග්නා කාර්ටාව විස්තර කළේ, ‘‘රාජකීය අයිතිවාසිකම්වලට පටහැණි, නීතිවිරෝධී, අසාධාරණ සහ පීඩාකාරී මෙන්ම ඉංග‍්‍රීසි ජනතාවට ලැජ්ජාවක්’ වශයෙනි. තවද මේ අනුව මෙම ගිවිසුම සදහටම බලරහිත කර නිෂ්ප‍්‍රභා කරමින් ප‍්‍රකාශයක් නිකුත් කළහ.

1215 සැප්තැම්බරයේ ජෝන් රජු සහ ඔහුගේ වංශාධිපතීන් අතර සිවිල් යුද්ධයක් හටගත්තේය. රජු තමන් වෙනුවෙන් සටන් කිරීම සඳහා කුලී හේවායන් යොදාගත් අතර වංශාධිපතියෝ රජු කෙරෙහි සිය රාජපාක්ෂික ගිවිසිල්ල ඉවත් කර ගත්හ. ඉන්පසු ලූවිස් කුමරු (1187-1226) හෙවත් ප‍්‍රංශයේ රජුගේ පුත් හට ඉංග‍්‍රීසි කිරීටය ගන්නැයි ඇරයුම් කළහ. ලූවිස් 1216 දී එංගලන්තය ආක‍්‍රමණය කළේය. 1216 ඔක්තෝබර් 18 වැනිදා අතීසාරය රෝගය වැළඳී ජෝන් රජු මිය යන විට ද එංගලන්තය සිටියේ යුද්ධයට පැටලී ය.

මැග්නා කාර්ටා ගිවිසුම නීතියෙන් මළගම් ගොස් තිබුණ ද මීළ`ග රජු වූ 3 වැනි හෙන්රි රජ සමයේ එළඹි වර්ෂවලදී එය නව ජීවයක් ලද්දේය. රජකම ලබන විට හෙන්රි රජු යන්තම් 9 හැවිරිදි වූ අතර 1216 නොවැම්බර් මස මැග්නා කාර්ටා ගිවිසුමේ සංස්කරණය කරන ලද පිටපතක් ඔහුගේ නමින් නිකුත් කෙරුණේ වංශාධිපතීන්ගේ සහයෝගය දිනා ගැනීම සඳහා ය. ඉන්පසු වර්ෂයේ, එනම් ප‍්‍රංශ හමුදාව එංගලන්තයෙන් නෙරපා හැරි විට මැග්නා කාර්ටා ගිවිසුමේ තවත් සංස්කරණයක් එළිදුටුවේය.1225 වසරේදී හෙන්රි රජු 18 වැනි වියට පත්වීමත් සමග මැග්නා කාර්ටා ගිවිසුමේ වඩාත් සංස්කරණය කළ පිටපතක් නිකුත් කරන ලද අතර, පසුව එඞ්වඞ් රජු (1272-1307) විසින් එය 1297 දී ව්‍යවස්ථා පොතට ඇතුළත් කරන ලදී.

මැග්නා කාර්ටා නිෂ්ප‍්‍රභා කරමින් පාප්වහ්නසේ විසින් නිකුත් කළ ප‍්‍රකාශය

AHRC-FAT-039-2015-05

1215 අගෝස්තු මස 24 වැනිදා 3 වැනි ඉනොසන් පාප්වහන්සේ විසින් නිකුත් කළ මෙම ලියවිල්ල මගින් 1215 මැග්නා කාර්ටා ගිවිසුම නිෂ්ප‍්‍රභා කරන ලදී

මැග්නා කාර්ටා ගිවිසුමේ දීර්ඝ කාලීන බලපෑම

මැග්නා කාර්ටා ගිවිසුම ඇතැම්විට එංගලන්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනම ලෙස සැලකෙයි. නියත වශයෙන්ම, එම ගිවිසුමේ ප‍්‍රතිපාදනවලින් අති බහුතර වලංගු වූයේ එදා 1215 වර්ෂයේ විසූ ජනගහනයෙන් ඉතා සුුළු ප‍්‍රතිශතයකට පමණක් වූ අතර, ඉදිරි සියවස්වලදී ගිවිසුම ක‍්‍රියාවට නැංවීම, අධිකරණවල අර්ථ නිරූපණයට විවෘත කර තැබීම සිදුවිය.

මැග්නා කාර්ටා ගිවිසුමේ සංස්කරණයන් 3 වන හෙන්රි රජු (1216 සහ 1225 දී) නිකුත් කරන ලද අතර, 1225 සංස්කරණයේ පාඨය 1297 දී ව්‍යවස්ථා පොතට ඇතුල් විය. මැග්නා කාර්ටා විසින් රජුට ජනතාවගේ කැමැත්තකින් තොරව මුදල් ඉපයීම ට තිබූ හැකියාව සීමා කළේය. මැග්නා කාර්ටාවේ 1225 සංස්කරණය ඉතා පැහැදිලි ලෙසම සකල රාජධානිය සඳහා බලපැවැත්වූ බදු ගෙවීමක ප‍්‍රතිඵලයක් වූ අතර, මෙය අයබදු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කැඳවීම සඳහා මග විවර කර දුන්නේය.

17 වන සියවසේදී පළමු චාල්ස් (1625-49) රජුගේ විරුද්ධවාදීන් මැග්නා කාර්ටා ගිවිසුම යොදාගත්තේ රාජකීය අධිකාරියේ අත්තනෝමතික භාවිතය යාමනය කිරීම සඳහා ය. ශ‍්‍රීමත් එඞ්වඞ් කෝක් සඳහන් කළේ, ‘මැග්නා කාර්ටා යනු කිසිම ස්වෛරීභාවයක් නැති හාදයෙක් වනු ඇති’’ කියා ය. ඉන්පසු 1628 දී ඔහු, රාජකීය බලය සීමා කළ සහ පැහැදිලිවම පෙනී යන පරිදි මැග්නා කාර්ටාවට අතිශයින්ම සම්බන්ධතාවක් තිබූ අයිතිවාසිකම් පෙත්සම කෙටුම්පත් කිරීමට සහයෝගය ලබාදුන්නේය. චාල්ස් රජු 1649 දී තමන් විසින්ම නඩු විභාගයකට ලක්වූ පසු තර්ක කෙරුණේ මැග්නා කාර්ටා වගන්ති උල්ලංඝනය කිරීම පිළිබඳ නඩු විභාග වැළැක්වීමට කටයුතු කිරීම යුක්තිය ප‍්‍රමාද කිරීමක් බව ය.

මැග්නා කාර්ටාව ඉංගී‍්‍රසි නීතියේ නිදහස පිළිබඳ සංකල්පයේ කොන්ගල යන විශේෂ තත්වය ලබාගෙන තිබේ. මෙය මෙසේ වන්නේ, එම වගන්තිවල බහුතරය මේ වන විට අවලංගු කර ඇති බව හෝ ඒවායින් ඇතැමක් මානව හිමිකම් පනත (1998) වැනි සෙසු ව්‍යවස්ථා මගින් අවලංගු භාවයට පත් කර තිබියදී ය. එතෙකුදු වුවත් මැග්නා කාර්ටා ගිවිසුම අත්තනෝමතික සහ ක‍්‍රෑර පාලකයන්ට එරෙහිව පුරාණ විත්තිවාචකයක් ලෙසට ද පුද්ගල නිදහසේ ආරක්ෂකයෙකු ලෙසට අතිදැවැන්ත සංකේතාත්මක බලයකින් යුතු ය.

  • Written by  Claire Breay
  • Claire Breay is Head of Ancient, Medieval and Early Modern Manuscripts at the British Library. She is co-curator of the Library’s major exhibition Magna Carta: Law Liberty, Legacy (13 March–1 September 2015) and editor of the exhibition catalogue.
  • and  Julian Harrison
  • Julian Harrison is Curator of Pre-1600 Historical Manuscripts at the British Library. He is co-curator of the Library’s major exhibition Magna Carta: Law Liberty, Legacy (13 March–1 September 2015) and editor of the exhibition catalogue.

The text in this article is available under the Creative Commons License.

– See more at: http://www.bl.uk/magna-carta/articles/magna-carta-an-introduction#sthash.OETD72pX.dpuf