SRI LANKA: Recommendations to the Constitutional Reforms Committee

Sri Lanka Citizens’ Organisations

ව්‍යවස්ථා සංශෝධන කමිටුව වෙත ඉදිරිපත් කරනු ලබන අදහස් හා යෝජනා

මෙම ලේඛණය ඉදිරිපත් කරනු ලබන්නේ මෙහි අගදී සඳහන් වන

ශ්‍රී ලාංකීය රටවැසියන් හා සංවිධාන මඟිනි.

ව්‍යවස්ථා සංශෝධන කමිටුව ඉදිරියේ පැවරි ඇත්තේ බැ?රුම් වගකීමකි. එම වගකීම ඉටු කිරිම සඳහා උපරිම සහය දීම සියළුම රටවැසියන්ගේත් රටේ පවතින සියළුම සංවිධාන වලත් වැදගත් යුතු කමක් සේ පැවතේ. එම යුතුකම ඉටු කිරීමෙහිලා අප විසින් අදාල කරුණු ඉතා දීර්ඝව සලකා බලා එම කමිටුව වෙත මෙම ලේඛණය ඉදිරිපත් කරනුු ලබයි.

මෙම ලේඛණයෙහි සදහන් කරුණු ව්‍යවස්ථාවට අත්‍යාවශ්‍යම කරුණු බවත් එම කරුණු පිලිබද අදහස් හා අදාල යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ලංකාව දැන් දශක 04 කට වැඩි කාලයක් තුල මුහුණ දී සිටින අතීශයින් භයානක වූ දේශපාලන හා සමාජමය ව්‍යාධියකින් රට බේරා ගැනීමට පදනම් විය හැකි ව්‍යවස්ථාවක් අනිවාර්යෙන්ම නිෂ්පාදනය විය යුතු බව පිලිබඳවය.

අප සියළු දෙනාත් එමෙන්ම අප දන්නා හැටියට රටේ බහුතර ජනතාවකුත් මෙම මතයට එළඹ ගත්තේ දැනට බොහෝ කාලයකට පෙර සිටය. එහෙත් තීරණාත්මක වෙනසක් ඇති කර ගැනීම සඳහා අවස්ථාවක් නිර්මාණය වී නොතිබුණි.2015ජනවාරි 08 හා අගෝස්තු 17 යන දින වල පැවති ජනාධිපති හා රටේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පත් කර ගැනීම සඳහා වූ මැතිවරණ තුලදී, ලැබුණු ප‍්‍රතිඵලය අනුව අප බොහෝ කාලයක් බලාපොරොත්තුව සිටි අවස්ථාවක් නිර්මාණය විය. මෙම අවස්ථාවෙන් නිසි ඵල ලබා ගැනීමට තරම් හැකියාවක් ලංකාවේ රටවැසියන් වන අපට තිබේද, නැද්ද, යන්න දැනට නව ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට එළඹ ඇති අවස්ථාවෙහි අවසාන ප‍්‍රතිඵලය විසින් විදහා පානු ඇත.

මෙම අවස්ථාව පැහැර හැරිම වනාහි රටවැසියන් වන අපි අප වෙතම ලඟා කර ගනු ලබන විශාල විපත්තියක් වනු ඇත. අතීතයේ තිබූ ඉතා කරදරකාරි හා හිංසාකාරි තත්වය පමණක් නොව අනාගතයේදී අනිවාර්යෙන්ම ඇති විය හැකි ඊටත් වඩා විශාල විනාශයක් වලක්වා ගැනීම මෙම ව්‍යවස්ථා නිර්මාණය කෙරෙහි අවධානය යොමු කරන කාගේත් අරමුණ විය හැක. එවැනි බරපතල අභියෝගයක් අප ඉදිරියේ ඇති බව හොඳින් වටහා ගෙන ඒ ගැන දින තුනක් පමණ රැුස්වී සාකච්ඡුාකොට මෙම ලේඛණයේ අඩංගු අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ලබන බව මෙහිදී සටහන් කල යුතුව ඇත.

ව්‍යවස්ථාවක පරම අරමුණ වන්නේ රටක පුරවැසියන් සියළුදෙනා අතරම සහයෝගීතා පැවැත්මක් ඇති කිරිම සඳහා වාතාවරණයක් ගොඩනැඟීමට අවශ්‍ය වන නෛතික මූලධර්ම ව්‍යවස්ථාව තුලින් ප‍්‍රකාශයට පත් කිරිමය. රට තුල ඇති විවිධ වෙනස්කම් නොතකා සියළු දෙනා තුලම සහයෝගීතාවය වර්ධනය කිරිමේ සදාචාරය වර්ධනය කිරිමට හැකි සේ එම නෛතික ප‍්‍රතිපාදනයන් සකස් විය යුතුය. රට තුල ප‍්‍රචණ්ඩත්වය නැති කල හැක්කේ සහයෝගිතා සංස්කෘතිය ගොඩනගා ගැනීමට අවශ්‍ය නෛතික පදනම තර කිරිම තුලින් පමණය.

බොහෝ කාලයක් තුල රටේ බොහෝ විනාශයක් ඇති කල බොහෝ ලේ හැලීම් වලට පදනම්වූූ ගැටීම් වලින් කියවෙන්නේ එවැනි සංස්කෘතික පදනමක් රට තුල ගොඩනැගීමට රටතුල පැවති ව්‍යවස්ථා අසමත් වූ බවය. යෝජිත ව්‍යවස්ථාව තුල සහයෝගීතා නෛතික පදනම ප‍්‍රකාශ කිරිම එහි නිර්මාණකරුවන් විසින් පොහොසත් වූ දර්ශනවාදී මූලධර්යන් හා සංස්කෘතික හා සදාචාරාත්මක මූලධර්මන් මත සකස් විය යුතුය.

ශ්රී ලාංකීය රටවැසියන් හා සංවිධාන කිහිපයක් මගින් ඉදිරිපත් කොට ඇති එම යෝජනාවලියසම්පුර්ණයෙන් කියවීමට මෙමෙ ස්ථානයෙන් හැකිය.

Document Type : Forwarded Article
Document ID : AHRC-FAT-003-2016
Countries : Sri Lanka,
Issues : Administration of justice, Democracy, Freedom of expression, Institutional reform, Legislation, Rule of law,