ශ්‍රී ලංකාව: සාමකාමී උද්ඝෝෂකයින්ට වෙඩි තැබීම ආණ්ඩුවේ පුරුද්දද? 

මාධ්‍ය නිවේදනයයි

AHRC-STM-034-2012-SI
පෙබරවාරි 22, 2012

ආසියානු මානව හිමිකම් කොමිසමේ නිවේදනයයි

සාමකාමී ලෙස උද්ඝෝෂණය කරන උද්ඝෝෂකයින්ට වෙඩි තැබීම ශ්‍රී ලංකා පොලිසිය සාමාන්‍යයෙන් සිදුකරන දෙයක් බව ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන කැබිනට් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  හලාවතදී ධීවරයෙකුට වෙඩි තබා මරාදැමීම සම්බන්ධයෙන් බී.බී. සී. සිංහල සේවයේ වාර්තාකරුවෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.  මෙලෙස ශ්‍රී ලංකාවේ පොලිසිය උද්ඝෝෂකයින්ට වෙඩි තැබීම ආරම්භ වූයේ 1953 හර්තාලයේ යෙදුන අය ඉලක්ක කරගනිමින් වන අතර එතැන් පටන් එය අඛණ්ඩව සිදුවෙමින් පවතී. එසේම ඇමතිවරයා ධීවරයෙකු ලෙස තම ජීවිකාව ගෙන ගිය ඇන්ටනි ප්‍රනාන්දු මහතා   පොලිසිය විසින් ඝාතනය කිරීම පිළිබඳව වගකීමෙන් ආණ්ඩුව නිදහස් කිරීමට උත්සහ කළ අතර  ඩීසල් සහ භූමිතෙල් මිල ඉහල යාම නිසා හටගත් එම සාමකාමී උද්ඝෝෂණයේදී සිදු කළ අපරාධ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තුවක් නොමැති බවද ඉඟි කළේය.

සාමකාමී ලෙස උද්ඝෝෂණයේ යෙදුණ මෙරට පුරවැසියෙකු දරුණු ලෙස ඝාතනය කිරීම මඟින් ආණ්ඩුව සිදුකළ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම අදාළ ඇමතිවරයා විසින් කිසිඳු ගණනකට නොගෙන අපරීක්ෂ්‍යාකාරී ලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පෙනෙන්නේ ආණ්ඩුව මානව හිමිකම් බරපතල ලෙස කඩකරමින් සිටින ආකාරයයි. සාමකාමී උද්ඝෝෂකයින්ට වෙඩි තැබීම සාමාන්‍ය සිදුවීමක් ලෙස ඇමතිවරයාට සඳහන් කළ නොහැකි අතර පොලිසිය විසින් හෝ වෙනයම් කෙනෙකු විසින් සිදු කරන සාමාන්‍ය භාවිතාවක් ලෙස මිනිස් ඝාතනයක් ප්‍රතික්ෂේප කළ නොහැකිය.

ජනතාවට තම අදහස්  නිදහසේ ප්‍රකාශ කිරීම මෙන්ම සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීමට ජනතාවට ඇති අයිතිය ශ්‍රී ලංකාවේ නිතීය විසින් පිළිගෙන ඇත. සාමකාමී ලෙස පැවැත්වෙන උද්ඝෝෂණ වලට සහභාගී වීම ලංකාවේ කාලාන්තරයක් තිස්සේ තිර වී ඇති පුරුද්දක් වන්නා සේම ඇතැම්  සුවිශේෂී අවස්ථා කිහිපයකදී හැරෙන්නේට එය ලංකාවේ පාලනාධිකාරිය විසින්ද පිළිගෙන ඇත. වර්තමාන ආණ්ඩුවේ සිටින අයවලුන් එකල අනවරත ලෙස පැවති ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කළහ.

සාමකාමී ලෙස උඝෝෂණය කරන ජනතාව විෂයෙහිලා පොලිසිය සහ හමුදාව කටයුතු කළයුතු අකාරය ගැන නිතීය මඟින් පැහැදිලිව දක්වා තිබේ. පොලිසියේ කාර්යභාරය වන්නේ උද්ඝෝෂකයින්ට ආරක්ෂාව සැපයීම මිස උද්ඝෝෂණවලට අකුල් හෙලීම නොවේ. එසේම උද්ඝෝෂකයින් නීතිරීතීන් නොසලකන තත්වයට පත් වී කටයුතු කරන්නේනම් අවම බලය යොදා ඊට නිසි ලෙස කටයුතු කොට ඔහුන් සාමාන්‍ය තත්වයට පත්කිරීමට රාජ්‍ය අධිකාරියට නිතීය මඟින් තහවුරු කරනු ලැබූ අයිතිය තිබේ. පොලිසියට ඇති අවම බලය යෙදීමටද ඉතා පැහැදිලිව නිතී සංග්‍රහයක් යටතේ තහවුරු කරනු ලැබ තිබේ. එය පොදුවේ දන්නා පරිදි පොලිසිය උද්ඝෝෂකයින්ට පළමුව අවවාද කළ යුතු අතර ඉන්පසු බලය නොයොදා ඔවුන්ට තත්වය පාලනය කළ හැකිය. ඉන් පසුද තත්වය පාලනය කළ නොහැකි නම් පමණක් ජීව උණ්ඩ භාවිතා කිරීම කළ යුතු වන්නේ අවවාදාත්මක ප්‍රහාර ලෙස පමණි. එසේම තත්වය තවදුරටත් පාලනය කළ නොහැකිනම් ජීව උණ්ඩ භාවිතාකිරීමට පෙර රබර් උණ්ඩ භාවිතා කළ යුතු වේ.එසේම අදාළ සිදුවීමේදී සිදුකරන සියලුම ආකාරයේ ප්‍රහාර සිදුවන්නේ අණදෙන නිලධාරියාගේ අණ පරිදිය. එම වෙඩිතැබීම වල සම්පූර්ණ වගකීම ඔහු සතු වේ.

 

ආයුධ සහ උණ්ඩ භාවිතාකිරීම සිදුකළ යුත්තේ පැහැදිලි ලෙස සඳහන් කොට ඇති රෙගුලාසි ප්‍රකාරවය.  ආයුධයක් හෝ උණ්ඩයක් භාවිත කළේ නම්  එය වාර්තා කොට තබා ගත යුත්තේය. පොලිස් නිලධාරින්ට හැංගිමුත්තන් කිරීමට හෝ රහසේ කටයුතු කිරීමට නොහැකිය. අණ දෙන නිලධාරියා වෙඩි තමනු ලැබූ අය ගැන දැන ගත යුත්තේය.

ඇමතිවරයා කියන්නේ කුමක්ද? එනම් ආණ්ඩුවේ සාමාන්‍ය ප්‍රතිපත්ති වී ඇත්තේ උද්ඝෝෂකයින්ට වෙඩිතැබීම සහ ඊට අදාළ නිතීමය කාරණා නොසලකා හැරීම බවයි.  තවදුරටත් මාරාන්තික බලය යොදාගැනීම සාමානය භාවිතාවක් බවයි.

මෙම උද්ඝෝෂණය සඳහා බලය යෙදවීමට කිසිඳු ආකාරයක හේතුවක් නැත. අදාළ උද්ඝෝෂණය ගැන වාර්තා වූ අන්දමට එය පැවැත්වූයේ මර්මස්ථාන වලින් තොර පිටිසර ප්‍රදේශයකය වන අතර උද්ඝෝෂකයින්ට කිසිම ආකාරයේ අලාභහානී  සිදුකිරීමට ගොඩනැගිළි හෝ නිතී විරෝධීලෙස කටයුතු කිරීමට කිසිඳු හේතුවක් නොමැත. එසේම උද්ඝෝෂකයින් ප්‍රචණ්ඩ ලෙස හැසිරූ බවට කිසිඳු පිළිගත හැකි කාරණයක් නොමැත. උද්ඝෝෂණය සඳහා පාදක හේතුව වූයේ වෙන කිසිවක් නොව එනම් දරාගත නොහැකි මට්ටමට ජීවන බර ඉහළ යෑමය. මේ ආකාරයේම උද්ඝෝෂණ රටේ අනෙක් තැන් වලද සිදුකරනු ලැබීය.

ඇමතිවරයාගේ අදහස එසේ වුවත් ආණ්ඩුවට පැවරී ඇති රාජකාරිය වන්නේ අදාළ සිදු වීමේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ නිලධාරියාගේ සිට සියලුම වැරදිකරුවන් නිතීය ඉදිරියට පැමිණවීම සඳහා පිළිගතහැකි මට්ටමේ පරික්ෂණයක් පැවැත්වීමය. එසේම මෙහෙස්ත්‍රාත්වරයාගේ කාර්ය භාර්ය වන්නේද අදාළ වෙඩි තැබීමෙන් පුදගලයෙකු මිය යාම සහ තවත් විශාල පිරිසකට තුවාල සිදුකිරීම ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා නියෝග ලබා දීමය. මහේස්ත්‍රාත්වරයා අදාළ පරීක්ෂණය ඉල්ලා සිටිය යුත්තේ ව්‍යවස්ථාව මඟින් තහවුරු කොට ඇති මානව අයිතීන් සහ නිතී ප්‍රකාරව ඇති බලය මඟිනි.

වුර්තීය සමිති ක්‍රියාකාරිකයින්, දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය හමුවේ ඇති ගැටලුව වන්නේ  වත්මන් පොලිසිය ආණ්ඩුව විසින් භාවිතා කරන අයුරු ඇමතිවරයාගේ අදහස්වලින් තහවුරු වන ආකාරයයි. ආණ්ඩුව අදාළ වෙඩි තැබීමට මෙන්ම ඇමතිවරයා ඉදිරිපත් කරන අදහස් වලද වගකීම භාරගත යුතු වේ.

අදාළ කාරණය සමබන්ධයෙන් මීට පෙර නිකුත් කළ නිවේදනය මෙතනින් කියවන්න: ශ්‍රී ලංකාව : සාමකාමී ලෙස උද්ඝෝෂණයේ යෙදුනු ධීවරයාට වෙඩිතැබීමේ වගකීම නියෝජ්‍ය පොලිස් පරීක්ෂක රවී විජේගුණවර්ධන භාරගත යුතුයි

# # #

ඒ.එච්.ආර්.සී. ගැනආසියානු මානව හිමිකම් කොමිසම වූ කලී ආසියාවේ මානව හිමිකම් පිළිබඳව විමර්ශනය කරනලේඛන ගත කරන සහ කලාපයේ යුක්තිය සහ අයතිනක ප්‍රතිසංස්කරණ සඳහාය ආරකෂාව සහ වර්ධන වෙනුවෙන් නීතිමය වශයෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයකි. එය 1984සිට හොං කොං මූලස්ථානය කරගනිමින් ක්‍රියාත්මක වේ.