[Sinhalese] ASIA: Asian Parliamentarians to discuss ways for eliminating torture

ආසියානු මානව හිමිකම් කොමිසමේ නිවේදනයයි

ආසියාව: වධ හිංසාව මුලිනුපුටා දැමීම සඳහා ආසියානු පාර්ලිමේන්තු මන්ත්රීේවරුන් රැස් වීමට නියමිතයි

(හොං කොං, ජූලී 20, 2012) ආසියානු රටවල් කිහිපයක පාර්ලිමේන්තු මන්ත්රීනවරුන් එක් වී එම රටවල සෑම තැනම පාහේ ලෙස පැතිර ගොස් ඇති වධ හිංසාව සහ කෲර සහ අමානුෂික සැලකිලි භාවිතය මුලිනුපුටා දැමීම සඳහා සාකච්චා කිරීමට නියමිතය. හොං කොං හී කවුලුන් නගරයේ පැවැත්වීමට නියමිත මෙම තෙදින සමුළුව ජූලී මස 21 වන දින ආරම්භ වේ.

මෙම සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වධහිංසා සහ කෲර සහ අමානුෂික සැලකිලි පිළිබඳ වූ ප්රීඥප්තිය ( UNCAT ) එම රටවලදී වඩාත් ඵලදායක ලෙස ක්රිියාත්මක කිරීම සඳහා වන ඉතා වැදගත් ඉදිරි පියවරක් වනු ඇත.

බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, නේපාලය, පකිස්තානය, පිලිපීනය සහ ශ්රීය ලංකාව යන රටවල පාර්ලිමේන්තු මන්ත්රීපවරුන් මේ වන විට මෙම සමුළුව සඳහා සහභාගීවන බවට තහවුරු කර ඇත. තවද දකුණු ආසියාවේ සහ ගිනිකොන දිග ආසියානු රටවල මනාව හිමිකම් ක්රිකයාදරයින් රැසක්ද මෙම සමුළුව සඳහා කවුලුන් නගරයට පැමිණීමට නියමිතය.

මෙම සමුළුව සංවිධානය කරනු  ලබන්නේ  වධ හිංසාවට සහ කෲර සහ අමානුෂික සැලකිලිවලට එරෙහි ආසියානු සන්ධානයයි ( AAATI ).   මෙම සන්ධානය හොං කොං හී මුලස්ථානය කරගනිමින් ක්රිසයාත්මක වන ආසියානු මානව හිමිකම් කොමිසමේ සහ ඩෙන්මාර්ක් මුලස්ථානය කරගනිමින් ක්රිරයාත්මක වන වධ හිංසාවට ලක් වූ වින්දිතයන් සඳහා වන පුනරුත්තාපන සහ පර්යේෂණ මධ්ය ස්ථානය  ( RCT )  හී මඟ පෙන්වීම යටතේ ආසියවේ රටවල් කිහිපයක මානව හිමිකම් ක්රිායාදරයින්ගේ එක් වීමෙන් 2011 ජූලී මාසයේදී ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ වධ හිංසාව සහ කෲර සහ අමානුෂික සැලකිලි පිළිබඳ ප්රනඥප්තියට ( UNCAT ) අනුව ආසියානු රටවල නව නීති හඳුන්වා දීම සහ එම නීති ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම තුළින් මානව වර්ගයා වධ හිංසාවෙන් සහ කෲර සහ අමානුෂික සැලකිලි වලින් ආරක්ෂා කිරීම මෙම එකමුතුවේ අරමුණ වේ.

ආසියානු මානව හිමිකම් කොමිසමේ මුලසුන හොබවන ජෝන් ක්ලැන්සි මහතා විසින් මුලික දේශනය පැවැත්වීමට නියමිත අතර RCT හී ජාත්යින්තර කටයුතු අංශයේ අධ්යකක්ෂක ආචාර්ය ජාන් ඔලේ හජන්සන් විසින් ආසියාවේ වධ හිංසාව මුලිනුපුටා දැමීම සඳහා වන මුලික අභිමතාර්ථය සහ ඒ සඳහා වන ක්රියයාමාර්ග ඇතුලත් සමුළුවේ තේමාව ඉදිරිපත් කිරීමට නියමිතය. තවද හොං කොං හී මානව හිමිකම් ක්රිතයාදරයින් කිහිප දෙනෙක්ද, මානව හිමිකම් පිළිබඳව ඔවුන්ගේ අදහස් එහිදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙති. එක් එක් රටවල පාර්ලිමේන්තු මන්ත්රීයවරුන් විසින් විෂයට අදාලව ඔවුන්ගේ ලේඛන ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් පසු එය සමුළුවට සහභාගීවන සියලුම දෙනා විසින් සාකච්චාවට භාජනය කරනු ඇත.

ඩෙන්මාර්ක් රජයේ හිටපු අධිකරණ අමාත්යු මාහාචාර්ය ඔලේ එක්ස්පර්සන් විසින් සමුළුවට සහභාගීවන්නන් සඳහා ඔවුගේ සුභ පැතුම් ඒවා ඇත. එහි දැක්වෙන පරිදි වධ හිංසාවට භාජනය නොවී සිටීමට ඇති අයිතිය යාථාර්ත වාදී වීමට නම් එම අයිතිය නිතී ක්රසමය තුළ වින්ධිතයාට සහන සලසන වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ඵලදායි ප්රසතිකර්මයක් සමඟ ඒකාබද්ධ විය යුතුය. ඔවු වැඩිදුරටත් දක්වා ඇත්තේ වධ හිංසාවට සහ අනෙකුත් මානව හිමිකම් කඩවීම් වලට එරෙහි ජාතික සටනේ අවසාන වගකීම එම එක් එක් රටවල රජයන්ට සහ ව්යනවස්ථාදායකයන් වෙත පැවරී ඇති බවයි.

ආසියාව පුරා විසිරි සිටින පාර්ලිමේන්තු මන්ත්රීාවරුන්ගේ සහභාගීත්වයෙන්  වධහිංසාව තම රටවලින් තුරන් කිරීම සඳහා ඇති ප්රතවණතාවයන් සලකා බැලීමේ ඒකායන අරමුණින් හොං කොං හීදී පැවැත්වෙන වන මෙම සමුළුව ආසියානු මානව හිමිකම් ඉතිහාසයේ නව පරිච්චේදයක ආරම්භය සනිටුහන් කරනු ඇත.

# # #

ඒ.එච්.ආර්.සී. ගැන: ආසියානු මානව හිමිකම් කොමිසම වූ කලී ආසියාවේ මානව හිමිකම් පිළිබඳව විමර්ශනය කරන, ලේඛන ගත කරන සහ කලාපයේ යුක්තිය සහ අයතිනක ප්රිතිසංස්කරණ සඳහාය ආරකෂාව සහ වර්ධන වෙනුවෙන් නීතිමය වශයෙන් පෙනී සිටින රාජ්යො නොවන සංවිධානයකි. එය 1984 සිට හොං කොං මූලස්ථානය කරගනිමින් ක්රිපයාත්මක වේ.

Document Type : Press Release
Document ID : AHRC-PRL-027-2012-SI
Countries : Asia, Sri Lanka,
Issues : Torture,