SRI LANKA: චැඩ් රාජ්‍යයේ හිටපු ආඥාදායක හිසේන් හබි‍්‍ර පිළිබඳ ජූලි මාසයේ 20 වන දින සෙනගාලයේ දී පැවැත්වෙන නඩු විභාගය වින්දිතයන් සඳහා බලපාන්නේ කෙසේද?

ජුලි 20 වන දිනදී දී අප‍්‍රිකානු සංගමය විසින් පිහිටුවනු ලැබූ විශේෂ විනිශ්චය සභාවක් ඉදිරියේ දී මා උපන් රට වන චැඩ් රාජ්‍යය 1982 ජූනි මස 7 වන දින සිට 1990 දෙසැම්බර් මස 01 දිනය දක්වා පාලනය කල හිටපු ජනාධිපති හිසේන් හබි‍්‍ර සෙනගාලයේ දී නඩු විභාගයකට මුහුණ දීමට නියමිතය. හබි‍්‍රගේ පාලනය මුළුමනින්ම භීෂණය පිරුණු පාලනයක් විය. ඔහු විසින් පිහිටුවනු ලැබූ ප‍්‍රලේඛණ හා ආරක්‍ෂාවපිළිබඳ අධ්‍යක්‍ෂ මණ්ඩලය (Documentation and Security Directorate (DDS) )  නම් ආයතනය ඉතා ඉක්මනින්ම මර්ධනයේ යාන්ත‍්‍රනයක් බවට පත්විය. 1992 දී චැඞ් රජය විසින් කරණ ලද නියෝගයක් අනුව සිදුකරණු ලැබූ විමර්ශණයක වාර්තාව අනුව 40000 පමණ පිරිසක් මෙම DDS සිරගෙවල් තුළදී මරා දමා ඇත.

හියුමන් රයිට්ස් වොට්ච් සිහිකර දෙන ආකාරයකට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක් රටක රාජ්‍ය නායකයෙකු පිළිබඳව තවත් රටක අධිකරණයක් විසින් නඩු විභාගයක් පැවැත්වීම ලොව එවැනි සිදුවීමක් සිදුවන ප‍්‍රථම අවස්ථාව විය හැකි බවය. එමෙන්ම විශ්වීය අධිකරණ බලය අප‍්‍රිකාවේ දී භාවිතා කරණ ප‍්‍රථම අවස්ථාවය.

වර්තමාන ජනාධිපති ඉඞ්රිස් ඩෙබී ඉට්නෝ විසින් සිදුකළ රාජ්‍යය කුමන්ත‍්‍රනයකින් පසුව හිසේන් හබි‍්‍ර එතැන් සිට තම රටින් පිටව සෙනගාලයේ ජීවත්වේ. වර්ෂ 2000 පෙබරවාරි මාසයේ දී අප විසින් තීරණය කරණු ලැබූයේ සෙනගාලයේ අධිකරණය ඉදිරියේ දී හබි‍්‍රට එරෙහිව චෝදනා ගොනු කිරීමටය.

එතැන් සිට වර්ෂ 2000 ඔක්තෝබර් මාසයේ සිට වසර 15 කට පෙරදී චැඩ් හී ප‍්‍රථම විමර්ශණ මහේස්ත‍්‍රාත්වරයාගේ කාර්ය මණ්ඩලය වෙත හිසේන් හබි‍්‍රට එරෙහිව චෝදනා 57 ද ඊට මූලිකව වගකිව යුතු අපරාධ සහභාගී වූවන් හා අපරාධ සහායකයන් ද ඔවුන්ගේ නම්ද ඇතුලත්ව භාරදුනිමු.

නඩු කටයුතු දෙකක් චැඞ් රාජ්‍යයේ හා සෙනගාලයේ පවත්වා ගෙන යාම දීර්ඝ හා දුෂ්කර ක‍්‍රියාවකි. සෙනගාලයේ හිටපු ජනාධිපති අබ්දුල්යා වඬේ හබි‍්‍රට එරෙහිව නඩු පවත්වාගෙන යාමට ඉඩ නුදුන්නා පමනක් නොව හබි‍්‍ර බෙල්ජියම වෙත නඩු විභාග සඳහා ගෙනයාමටද ඉඩ නොදුන්නේ බෙල්ජියම විසින් නැවත නැවතත් එසේ සිදුකරන ලෙස කරන ලද ඉල්ලීම්ද නොසලකා හරිමිනි. චැඞ් හි දී මෙම අපරාධ සිදු කිරීම් සිදුකල හිටපු ආඥාදායකයාගේ සහායකයින් නඩු විභාග සඳහා ගෙන එන ලෙස අප විසින් සිදුකල විශාල ඉල්ලීම් ප‍්‍රමාණයක් සඳහා එම අධිකරණ වලින් කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබිනි.

වර්තමාන ජනාධිපති මැකී සැල් සඳහා වූ මැතිවරණය සිදුවීම් වෙනස් කළේය. සෙනගාලය හා අප‍්‍රිකානු සංගමය අතර සිදුවූ සාකච්චා අවසාන වූයේ ජාත්‍යන්තර මට්ටමේ එහෙත් සෙනගාල අධිකරන බලය මත ක‍්‍රියාත්මක වන අතිවිශේෂ විනිශ්චය සභාවක් (Extraordinary African Chambers (EAC) ) ස්ථාපනය කිරීමේ එකඟතා ගිවිසුමක් ද සමගිනි. (නඩුකරය බර්කින්බල් විනිසුරු හා ජේෂ්ඨ සෙනගාල විනිසුරුවරුන් දෙදෙනෙකු විසින් විභාග කරනු ඇත). විනිශ්චය සභාවේ කාර්යය වනුයේ හබි‍්‍ර හා ඔහුගේ පාලන කාලය තුල අපරාධ සිදුකරණු ලැබූ සියල්ලන් සම්බන්ධයෙන් විභාග පැවැත්වීමය.

අතිවිශේෂ අප‍්‍රිකානු විනිශ්චය සභාවේ විමර්ශන මහේස්ත‍්‍රාත්වරයා විසින් වින්දිතයන්ගේ පැමිණිලි පදනම්ව විමර්ශන කොමිෂන් 4 ක් පමණ චැඞ් හීදී පවත්වා ඇත. ඔවුන්ගේ කාර්යයන් මෑතකදී සම්පූර්ණ කරන ලද අතර ඉන්පසුව අදාල වාර්තා EAC හී අපරාධ අධිකරණය වෙත යොමුකරනු ලැබීමේ නියෝගයක් සිදුකර ඇත. අප අද මෙම අධිකරණයේ දී හිසේන් හබි‍්‍ර මුහුණට මුහුණ හමුවීමේ අපේක්‍ෂාවෙන් සිටිමු.

මෙය පසුගිය වසර 20 ක් පුරා දීර්ඝකාලීනව චැඞ් හී සිට පැමිණි අප බොහෝ දෙනා මුහුණ දුන් නපුරු සිහිනයක අවසානයක් ලෙස දැකිය හැක්කේ එම කාලය මුළුල්ලේම මෙම වදහිංසාවන් සිදුකලාවූ අපරාධකරුවන් සමග දිනපතා උරිනුර ගැටෙමින්ද ඔවුන් නීතිය ඉදිරියට පමුණුවා යුක්තිය පසිඳලනු ඇතැයි යන විශ්වාසය අවමයක් හෝ නොදකිමින්ද එකී අපරාධකරුවන් මේ දක්වාත් තීරණාත්මක ඉහළ නිලයන් දරමින් සිටියදීද එම තත්ත්වයන් වින්දියන්ටත් එම වින්දිතයන් සමග කි‍්‍රයාකරන ඔවුන්ගේ සහායකයන්ගේ ජීවිතද අන්තරායක පවතින බව දනිමින්ද සිටීම නිසාවෙනි. බොහෝ වින්දිතයන් මේ වන විටත් යුක්තිය නොලබාම මියගොස් ඇත.

මෙය අතිවිශාල ජයග‍්‍රහනයක් වන්නේ එය අපගේ අප‍්‍රිතිහත ධෛර්යේ හා අධිෂ්ඨානයේ සාර්ථකත්වය සනාථ කිරීමක් වන්නේ හබි‍්‍රගේ අපරාධ සහායකයන් 20 දෙනෙකුට පමණ අවුරුදු 5 සිට ජීවිතාන්තය දක්වා වන සිරදඬුවම මේ වන විටම ලබා දී ඇති බැවිනි. මෙය ශ්‍රේෂ්ඨ පාඩමක් වන්නේ තවදුරටත් රහස්‍ය ලෙස තවදුරටත් ජනතාව මර්ධනයේ නියැලෙන්නන්ටය. අපරාධයක් සිදුකොට යුක්තිය ඉදිරියට නොගොස් දඬුවම් නොලබා සිටීමට තවදුරටත් චැඞ් රාජ්‍යය තුල තවදුරටත් ඉඩක් නොමැත.

අයුක්තියට එරෙහිව යුක්තිය සොයා යාම මා දැඩිව විශ්වාස කරමි. එමෙන්ම මා දැඩිව විශ්වාස කරන්නේ මා මෙම පෙනී සිටින කාන්තාවන් හා පිරිමින් වන මෙම ජනතාවද අප සොයා ගිය යුක්තිය දැඩිලෙස අවශ්‍ය බවට පසුගිය අවුරුදු 20 පුරා කල අරගලයේදී දැඩිව සිත්හී කාවැදී ඇති බවය. ඔවුන්ගේ රට වන චැඞ් රාජ්‍යය විසින් ඔවුන් හුදකලා කොට අතහැර දැමූවන් ලෙස සැලකුණේ ඔවුන් කිසිදිනක අපරාධවලට ලක්වූවන් ලෙසට ඔවුන් නොපිළිගත් නිසා පමණක් නොව ඔවුන් ගෙන් ප‍්‍රසිද්ධ සමාව ගැනීමක් ද සිදු නොවූ බැවිනි.

මා වින්දිතයන් දෙදෙනෙකුද මාගේ දෙපස සිටිමින් සිටියදී විමර්ශන මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේදී අභියෝගාත්මක විභාගයක දී මා හට හිසේන් හබි‍්‍ර මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේ දී මා මට ගත හැකි උපරිම වෘර්තීය ශක්තිය මත මෙම කිසිවකුත් නොමැති එහෙත් අපමණ වූ මෙම මිනිසුන් වෙත මාගේ උපරිම ශක්තියෙන් උපරිම උස්හඬින් ඔවුනගේ හඬට හඬක් වීමට කටයුතු කළෙමි.

මා මෙන්ම මානව හිමිකම් සුරකීම සඳහා ක‍්‍රියාකාරීව සටන් කරන්නාවූ බොහෝ දෙනාගේ පිළිගනීම හා විශ්වාසය වන්නේ අපරාධ සිදුකරන්නන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකොට ඔවුන් නීතිය ඉදිරියට පමුණුවා යුක්තිය නොපසිඳලීම මානව හිමිකම් උල්ලංගනය කිරීම්වල සිදුවන්නාවූ බරපතලම හා මූළිකම හේතුව වේ. හිසේන් හබි‍්‍ර පිළිබඳ නඩු විභාගය මා දැඩිව විශ්වාස කරන්නේ අප‍්‍රිකාව තුළ යුක්තිය පිළිබඳ හැරවුම් ලක්‍ෂයක් වන බවයි. එමෙන්ම මා විශ්වාස කරන්නේ චැඞ් රාජ්‍යය තුළ සිදුවන බරපතල හා දිගින් දිගටම සිදුවන්නාවූ මානව හිමිකම් උල්ලංගනයන් සඳහා මෙම ක‍්‍රියා මාර්ගය අවසානාත්මක නතර කිරීමක් සිදුවන බවට තහවුරුකිරීමක් මෙමගින් සිදුවන බවය. එමෙන්ම අප‍්‍රිකාව තුල වෙනත් රාජ්‍ය නායකයන් විසින්ද තවදුරටත් ජනතාව සම්පූර්ණ ලෙස මර්ධනය කරමින් උල්ලංඝනයන් සිදු නොකොට ජනතාවගේ අයිතිවාසිකම් වලට ගරුකිරීම සිදුකිරීමේ තත්ත්වයක් ඇති කිරීමට මෙය තවදුරටත් තහවුරු හේතු වනු ඇත.

ජැකුලින් මව්ඩියානා (Jacqueline Moudeina) චැඞ් රාජ්‍යයේ නීතිඥවරියක් මෙන්ම චැඞ් හී මානව හිමිකම් ආරක්‍ෂා කිරීම  හා ප‍්‍රවර්ධන කිරීම සඳහා වන චැඩියන් සහයෝගීතාවයේ  සභාපතිනියද President of the Chadian Association  for the  Promotion and Defense of Human Rights  (ATPDH) වේ. එමෙන්ම ඇය 2011 වර්ෂයේ Right  Livelihood Award, හෙවත් “Alterative Nobel Prize” ලාභිනියක් ද වේ. වැඩිදුර විස්තර සඳහා-

Document Type : Forwarded Article
Document ID : AHRC-FAT-020-2015-SI
Countries : Africa,
Issues : Administration of justice,