Sri Lanka: එක්සත් ජාතීන්ගේ වටිනා වාර්තාවෙන් සාධනීය ප‍්‍රථිපල ලබාගැනීම

නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්තුමාගේ කාර්යාලය මගින් 2015 සැප්තැම්බර් 16 වන දින නිකුත්කරන ලද ශී‍්‍ර ලංකාව පිළිබ`දව පරීක්‍ෂණ වාර්තාව මේ දක්වා ලංකාවේ මානව හිමිකම් පිළිබ`දව ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් නිකුත්කර ඇති පරීක්‍ෂණ වාර්තා වලින් ඉතාමත් අංග සම්පූර්ණවූත්, තුලනාත්මකවූත් පරීක්‍ෂණ වාර්තාව බව නොපැකිල ප‍්‍රකාශකල හැකිය. පිටු 261 කින් සමන්විත වන මෙම වාර්තාව දීර්ඝ කාලයක් තුළ ලංකාවේ වාර්ධන වූ නීතිය මත පාලනය හා යුක්තිය පසි`දලීම සම්බන්ධයෙන් මතුවී ඇති ඉතා බරපතල ගැට`එ සම්පින්ඩනය කොට දක්වයි. වාර්තාවට අදාල කාලය 2002 සිට 2011 අතර කාලය වූවත් ඇත්තෙන්ම දශකයන් හතරක් පමණ කාලයක් තුළ වර්ධනය වූ නීතියේ කඩා වැටීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස`දහා වූ සංස්ථාවන් තුළ ඇති වූ ගැඔුරු කඩා වැටීම නිසි ලෙස වාර්තාකරන අතරම එම තත්ත්වයෙන් මිදී රටේ නීතිය පසිඳලීමේ හා රටවැසියාට යුක්තිය ඉටුකරගැනීම ස`දහා ඉතා වටිනා යොජනා ගණනාවක්ම ඉදිරිපත් කොට ඇත.

වාර්තාවේ විෂය ක්‍ෂේත‍්‍රය පසුබිම් කොට ඇත්තේ මානව හිමිකම් පිළිබ`ද ජාත්‍යන්තර නීතිය, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය, ජාත්‍යන්තර අපරාධ නීතිය කඩවීම් පිළිබ`දව කෙරෙන, සවිස්තරාත්මක විග‍්‍රහයක් පසුබම් කොට ගෙනය. මේ අනුව නීති විරෝධී ඝාතන, නිදහස අහිමිකිරීමට සම්බන්ධ මානව හිමිකම් කඩ කිරීම්, බලහත්කාර අතුරුදහන්කිරීම්, වදහිංසාව හා වෙනත් අමානුෂික හා අවමන්සහගත සැළකිලි, ලිංගික හා ලිංගිකත්වයට සම්බන්ධ මානව හිමිකම් කඩකිරීම්, පැහැරගෙනයෑම් හා බලහත්කාර බඳවාගැනීම්, දරුවන් අරගල සඳහා බඳවාගැනීම හා යොදවාගැනීම, සන්නද්ධ අරගලයේ අවසාන අවදියේ දී සිදුවූ සන්නද්ධ ගැටීම් සිවිල් පුරවැසියන් හා සිවිල් දේපල කෙරෙහි බලපෑ ආකාරය, එහා මෙහා යෑම් නීති විරෝධීව සීමාකිරීම, මානුෂික සහනාධාර ලබාදීම් ප‍්‍රතික්‍ෂේප කිරීම, ආවරනය කරන ලද රැු`දවුම් මධ්‍යස්ථාන තුළ අභ්‍යන්තර අවතැන් වූවන් පරීක්‍ෂාකිරීම් හා ඔවුන්ගේ නිදහස නැතිකර දැමීම, යන මූලික තේමාවන් යටතේ සිදුවුනා යැයි කියන සිය`එම සිදුවීම් විමර්ශනයට භාජනය කොට ඇත. මේ සිය`එ කරුණු සම්බන්ධයෙන් පරීක්‍ෂණය තුළින් හෙළිදරව්වූ කරුණු සටහන් කොට ඇත.

ඉන් පසු වාර්තාවේ එල්ළ වී ඇත්තේ යුක්තිය හා වගවීම සම්බන්ධයෙන් ලංකාවේ පැවත ඇති තත්ත්වය විග‍්‍රහ කිරීමටය. මේ මත පදනම් වී යෝජනාවලියක් ඉදිරිපත් කොට ඇත.

වාර්තාවේ උත්සාහය වී ඇත්තේ එක් එක් හුදෙකලා අපරාධ හුවා දැක්වීම නොව එක් එක් අපරාධ සම්බන්ධයෙන් අපරාධ රටාවක් පැවත ඇති බව පෙන්වා දීමය. මෙසේ අපරාධ රටාවක් පැවතීම සම්බන්ධනේ කරනු ලබන විග‍්‍රහයෙන් කියවෙන්නේ මේ අපරාධ සඳහා වගකීම හුදෙක් සුවිශේෂ අපරාධයක් කල අපරාධකරුවා මත පමණක් පැවරිය නොහැකි බවත් එම අපරාධය සම්බන්ධයෙන් කිසියම් සැළසුම්සහගත භාවයක් පවතින බවත් එම නිසා එම සැළසුම්සහගත භාවය නිර්මානය කල නායකත්වයක් පවතින බවත්, එම නිසා නායකත්වයේ වගකීම පිළිබ`දව මුලික අපරාධ නීතිය ලංකාවේ සිදුවූ සිදුවීම් පිළිබ`දව ඉතා වැදගත් වන බවත්ය. විවිධ මට්ටම් වලින් මෙම අපරාධ සැළසුම් කිරීම් හා ක‍්‍රියාවට දැමීම් සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශවල මෙන්ම දේශපාලන වශයෙන් වගකිව යුක්තේ කවුද යන ප‍්‍රශ්නය ජාත්‍යන්තර අපරාධ නීතිය සම්බන්ධයෙන් මූලික ප‍්‍රශ්නයක් ලෙස මතුකොට ඇත.

මෙම වාර්තාව ලංකාවේ ආණ්ඩුවට සම්බන්ධ ආරක්‍ෂක අංශ හා වෙනත් කණ්ඩායම් වල වගකීම් පිළිබ`දව පරීක්‍ෂණ කරන ආකාරයෙන්ම එල් ටී ටී ඊ සංවිධානය හා ඊට අදාල වන සිය`එම සංවිධාන හා පුද්ගලයන්ගේ වගවීම සම්බන්දයෙනුත් එක හා සමානව අවදානයක් යොමු කොට ඇත. මෙයින් පෙන්නුම් කරන්නේ මෙම වාර්තාවේ අවදානය ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ කඩවීම්, ජාත්‍යන්තර මානුෂීය නිතියේ කඩවීම් හා ජාත්‍යන්තර අපරාධ නීතියේ කඩවීම් යන සීමාවට පමණක් යොමුවී ඇති බවත් එම අපරාධ කරන්නා රජයට සම්බන්ධද, නැතහොත් එල් ටී ටී ඊ හා වෙනත් ත‍්‍රස්තවාදී කණඩායම් වලට සම්බන්ධ ද යන්න අපරාධ පිළිබ`ද වගකීම සම්බන්ධයෙන් අදාල කරුණක් නොවන බවය. ඉහත ස`දහන් අපරාධ කරන්නා කවුරුන් වූවත් එසේ කරන සිය`එම අයෙක් එම අපරාධ කිරීම් සම්බන්ධව වගවිය යුතු බවය.

මෙම වාර්තාව කියවීමේ දී ඉතා පැහැදිලව මතුවන කරුණක් නම් ලංකාවේ හමුදාව හා එල් ටී ටී ඊ ය අතර ගැටීමට සම්බන්ධ සමහර සුවිශේෂ කරුණු හැර අන් සිය`එ කරුණු වලදී ද ඉහත සඳහන් නීති කඩවීම සම්බන්ධයෙන් ලංකාවේ පැවත ඇති තත්ත්වය මෙම වාර්තාවේ ස`දහන් තත්ත්වයටම සමාන බවය. 1971 ජනතා විමුක්ති පෙරමුන සම්බන්ධ කැරැුල්ල හා එම කැරැුල්ල මර්ධනය කල ආකාරය සම්බන්ධයෙන් මේ වාර්තාවට අදාල කරුණු මතම පරීක්‍ෂණයක් පැවැත්වූවා නම් එම අවස්ථාවේ දී ද ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය කඩකිරීම්, ජාත්‍යන්තර මානුෂික නීති කඩකිරීම්, ජාත්‍යන්ර අපරාධ නිතිය කඩකිරීම් හා සමහර විට සමහර අපරාධ සම්බන්ධයෙන් මීටත් වඩා බරපතල අකාරයෙන් අපරාධ සිදුවී ඇති බව පෙන්විය හැකිය. එමෙන්ම 1988 සිට 1991 අතර කාලය තුළ ජනතා විමුක්ති පෙරමුනේ දෙවන නැගිටීමට අදාලව සැබෑ පරීක්‍ෂණයක් පැවැත්වූවා නම් එහිදීද මෙම අපරාධ සම්බන්ධයෙන් වර්ථමාන වාර්තාවේ අඩංගු කරුණු වලට අදාලව ඊට සමානම නිගමන කරා පැමිනෙනවාට සැකයක් නැත.

මෙයින් කියවෙන්නේ මෙම වාර්තාවේ සඳහන් අපරාධ හා එම අපරාධ පිළිබ`ද රටාව 2002 හා 2009 කාලයට සීමා නොවන බවත් මින් ඉහත ඇතිවී ඇති ප‍්‍රධාන ගැටීම් වලදී මීට සමානම අපරාධ හා අපරාධ රටාවක් ලංකාවේ පැවත ඇති බවත්ය. මෙය ඉතා වැදගත් වන්නේ මෙම වාර්තාවේ ඇති යෝජනා ක‍්‍රියාත්මක කිරීම මගින් ලැබිය හැකි ප‍්‍රතිපලය හුදෙක් එල් ටී ටී ඊ ය සමග ඇති වු ගැටීම හා ඇති වූ අපරාධ වලක්වා ගැනීම සම්බන්ධයෙන් පමණක් නොව ලංකාව තුළ මුල් බැසගෙන ඇති අපරාධ හා අපරාධ රටාවක් නැති කර ගැනීමට මෙම යෝජනා කි‍්‍රයාත්මක කිරීම පලදායී වනු ඇති බවය.