SRI LANKA: The Sinhala Translation of the Report of the UN Special Rapporteur for the independence of Judges and Lawyers

READ FULL REPORT  HERE

ලංකාවට අවශ්‍ය අධිකරණමය සංශෝධන

එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විනිශ්චයකාරවරුන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිලිබඳ සුවිශේෂ වර්තකාරිය වන මොනිකා පිටෝ විසින් ඇය ලංකාවට පැමිණි දුත ගමනින් පසු සකස්කොට නිකුත් කොට ඇති නිල වාර්තාව. 

මහ ලේකම් කාර්යාලයේ සටහන

2016 අප්‍රේල් 29 සිට මැයි 7 වෙනි දින දක්වා ශ්‍රී ලංකාව තුල කල දුත ගමනේදී සකස් කරනු ලැබූ විනිසුරුවරුන් හා නීතිඥයන්ගේ ස්වාධීන බව පිලිබඳ විශේෂ වාර්තාව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීම මහලේකම් කාර්යාලයට ග්ව්රවයකි. මෙම වාර්තාව වධහිංසා සහ අනෙකුත් කෘර අමානුෂික, පහත් සැලකීම් හා දඩුවම් සමග සම්බන්ධව සම්පාදනය කරන ලදී.

තම විනිසුරන්, නීතිඥයන් හා නීති නිලධාරීන්ගේ ස්වාධීන බව හා සම්බන්ධ මානව හිමිකම් ගැටළු පිළිබඳව විමර්ශනයේ දී වඩාත් විෂය මුලික නිරීක්ෂණයක් කිරීමට රජය දැක්වූ සහයෝගය මෙම විශේෂ වර්තකාරිය අගය කරයි.

විශේෂ වර්තකරියගේ නිරීක්ෂක්ෂණයන් හා නිර්දේශයන් ඇතුලත් මෙම වාර්තාව ඇය විසින් සම්පාදිත වදහිංසාව හා අනෙකුත් කෘර අමානුෂික හා පහත් සැලකීම් හා දඬුවම් පිලිබඳ වාර්තාවට සමගාමීව අධ්‍යනය කල යුතුය. (A/HRC/34/54/add.2)