ශ්‍රී ලංකාව : සාමකාමී ලෙස උද්ඝෝෂණයේ යෙදුනු ධීවරයාට වෙඩිතැබීමේ වගකීම නියෝජ්‍ය පොලිස් පරීක්ෂක රවී විජේගුණවර්ධන භාරගත යුතුයි
මාධ්‍ය නිවේදනයයි
AHRC-STM-033-2012-SI
පෙබරවාරි 20, 2012
ආසියානු මානව හිමිකම් කොමිසමේ නිවේදනයයි
ධීවර කර්මාන්තයෙන් තම ජීවිකාව ගෙනයන ධීවරන්යින්ට ඉන්ධන මිල ඉහළ දැමීම බරපතල ලෙස බලපෑම හේතු කොට ගනිමින් අනෙක් ධීවරයින් සමඟ සාමකාමිව උද්ඝෝෂණයේ යෙදුණු ඇන්ටනි ප්‍රනාන්දු මහතාට පසුගිය 14 වැනිදින වෙඩි තබනු ලැබීය. උතුරුමැද පළාත් භාර නිජෝජ්‍ය පොලිස් පරීක්ෂක රවී විජේගුණවර්ධනගේ අණ යටතේ ක්‍රියාත්මක වූ විශාල සංඛ්‍යාවකගෙන් යුතු පොලිස් කණ්ඩායමක් අදාළ උද්ඝෝෂණය කෙරුණු ස්ථානයේ ස්ථාන ගත කරනු ලැබීය. අදාළ උද්ඝෝෂනය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකායේ කණඩායමක් මෙන්ම යුධහමුදාවේ බට පිරිස් එම ස්ථානයට රැගෙන එනු ලැබූහ.
උද්ඝෝෂණය සාමකාමී එකක් වූ අතර ඊට සහභාගී වූයේ ධීවරයින්ය. ඔවුන්ගේ මූලික විරෝධය වූයේ භූමිතෙල් සහ ඩීසල් මිල ඉහල දැමීම ධීවර කටයුතු සඳහා ප්‍රභල ලෙස බලපෑ ඇති බවයි. මෙලෙස අසාමාන්‍ය දරාගත නොහැකි ලෙස මිල වැඩි කිරීම තම කර්මාන්තය කරගෙන යාම අවිනිශ්චිත කොට ඇති බව ඔවුන්ගේ පැමිණිල්ල විය.
එසේම අදාළ ඉන්ධන මිල ඉහළ දැමීම බරපතල ලෙස බලපෑ ඇති බව සඳහන් කරමින් ධීවරයින් පැවැත් වූ ආකාරයේ හා සමාන උද්ඝෝෂණ රට පුරාම සංවිධානය කොට තිබුණි.
ඇන්ටනී ප්‍රනාන්දුට වෙඩි තබනු ලැබුවේ එම උද්ඝෝෂණ වලදීය. අදාළ උද්ඝෝෂනය පාලනය කිරීම සඳහා එම ස්ථානයේ ස්ථාන ගතකොට සිටි සියලුම අරාකෂක කණ්ඩායම් වල අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබුවේ නියෝජ්‍ය පොලිස් පරීක්ෂක රවී විජේගුනවර්ධනය. විජේගුනවර්ධනගේ අණ නොවන්නට එම උද්ඝෝෂණයට මේ අකාරයෙන් වෙඩි නොතබනු ඇත. පොලිසිය සඳහන් කරන ආකාරයට ඇන්ටනි ප්‍රනාන්දුට වෙඩි තබනු ලැබූ වෙඩිකරුවා ගැන කිසිත් නොදන්නා අතර සිදුවීමේ සුල මුල සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.
අදාළ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව ඇති සියලුම ගැටළු සඳහා පිළිතුරු ලබා දිය යුත්තේ නියෝජ්‍ය පොලිස් පරීක්ෂක රවී විජේගුනවර්ධනය. උද්ඝෝෂනය් පාලනය කිරීම සඳහා ස්තානගතකරනු ලැබූ නිල්ධන්රීන්ට ජීව උන්ද ලබා දෙම්ම සඳහා අවසර ලේනු ලැබුවේ කවුරුන්ද? මාරාන්තික ප්‍රහාරවලට පෙර අවවාදාත්මක ප්‍රහාර එල්ල නොවුයේ ඇයි? මේ හා සමාන සහ සම්බන්ධ ප්‍රශ්න වලට පිළිතුරු දීමට හැක්කේ අදාළ මෙහෙයුමට අණ දුන් නිලධාරියාය.
පසුගිය 2011 මැයි මාසයේදී කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් සංවිධානය කළ උද්ඝෝෂනයකදීද තරුණ සේවකයකු මේ අන්දමින් මරා දමනු ලැබීය. ඒ පිළිබඳව වැඩි විස්තර ආසියානු මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කළ හදිසි ඇපෑලෙන් ( Urgent Appeal ) ලබා ගත හැකිය. එම උද්ඝෝෂණයේදී වෙඩි තැබීමට අණ දීම කළ යුතු කාරණයක් නොවුණි. කෙසේ වෙතත් අදාළ සිදුවීමෙන් පසු පොලිස්පති ඉල්ලා අස් විය.
පරීක්ෂණ විලින් කුමන ප්‍රතිපල ලබා දුන්නද මෙහෙයුමේදී අණ දුන් පොලිස් නිලධාරියා ප්‍රථම වැරදිකරු ලෙස වගකීම පැවරිය යුතු වේ. මාධ්‍ය මගින් විකාශනය කෙරුණු විඩිඕ පටවලින් ධීවරයින්ට වෙඩී තැබීමට අණ දුන් නිලධාරින් මෙන්ම වෙඩි තමනු ලැබූ නිලධාරීන් පැහැදිලිව ප්‍රදර්ශනය වේ.
අදාළ අණදෙන නිලධාරියා මෙම වෙඩි තැබීමට වග කිවයුත්තා ලෙස නම් කිරීමට බලපෑම කිරීම සහ ඒ වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම ධීවර ව්‍යාපාරයට සමබන්ධ වුර්තීය සමති වලට මෙන්ම විපක්ෂ දේශපාලන පක්ෂ වලට පැවරේ. මිල ඉහළයාම නිසා ඇති වී ඇති ජීවන වියදමේ අර්බුදයට සම්බන්ධව හට ගන්නා මුළු රටේම ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවැනි උද්ඝෝෂණ සඳහා මේ අකාරයේ වෙඩි තැබීම සිදු වෙමින් තිබේ. අදාළ අණදෙන දෙන නිලධාරීයාට වගකීම පැවරීම සිදු නොකළහොත් ශ්‍රී ලංකාවේ නීතිය මත පාලනය කළ නොහැකිය.
මෙම වෙඩි තැබීම සිදුවීම මෙන්ම උද්ඝෝෂකයින්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම පිළිබඳව වගකීම ආණ්ඩුවටද පැවරේ. එසේම දරාගත නොහැකි මට්ටමින් ජීවන වියදමේ වැඩිවීම ගැන සාමකාමිව උද්ඝෝෂණය කරන ජනතාවට එරෙහිව වෙඩිතැබීම සහ වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම ගැන ආණ්ඩුව වගකිව යුතු අන්දමින් විස්තර කළ යුතු වේ.
# # #
ඒ.එච්.ආර්.සී. ගැන: ආසියානු මානව හිමිකම් කොමිසම වූ කලී ආසියාවේ මානව හිමිකම් පිළිබඳව විමර්ශනය කරන, ලේඛන ගත කරන සහ කලාපයේ යුක්තිය සහ අයතිනක ප්‍රතිසංස්කරණ සඳහාය ආරකෂාව සහ වර්ධන වෙනුවෙන් නීතිමය වශයෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයකි. එය 1984 සිට හොං කොං මූලස්ථානය කරගනිමින් ක්‍රියාත්මක වේ.

